(කුෂාන් ජයවර්ධන)

කැකිරාව තානායම තුළ අද(19)  හදිසි පිපිරිමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබු සේවකයකු මේ වනවිට ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටි.  සිදුව ඇති පිපිරිම හේතුවෙන් තානායමේ ගෘහභාණ්ඩ හා එහි වහලයේ කොටසකට  හානි සිදුව තිබේ. 

පිපිරිමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති අතර පිපිරිම සිදුවු ස්ථානය රස පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක්කිරිමට නියමිතව තිබේ.