(යොහාන් භාසුර)

‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා නොකළේ එම උත්සවය ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු කීපදෙනෙක්ට සීමාකිරීම නිසා යැයි  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) සැපයීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව මෙසේ පැවසීය.

“ඒ සඳහා ආරාධනා කර තිබෙන්නේ ඇත්තටම ගත්තොත් සහභාගි වෙන්නේ ජනාධිපතිතුමා, ආරක්‍ෂන නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා, ඒ වගේම මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරු විදියට, ජනාධිපති විදියට මැදිහත් වෙන්නේ. ත්‍රිවිධ හමුදාව, පොලිසියේ අයට අමතරව දේශපාලන අධිකාරියේ වෙනත් අයට ආරාධනා කර නෑ” යැයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.