(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය  වාර්තාව පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය අද  (20)  පැවැත්වේ.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි පාර්ලිමේන්තුව   (19) සිට  සිකුරාදා(22)  දක්වා රැස්වීමට නියමිතය.

එසේම ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි තුනක් සහ විසර්ජන  පනත යටතේ යෝජනා සම්මත නවයක්  හෙට (21) බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතය.

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, නන්දන ගුණතිලක ,එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ  කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා විවාදය 22 සිකුරාදා පැවැත්වේ.