වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ් රුපියල් ලක්ෂ දහයකට මිලදී ගත් ඉඩම වසර හයකට පසුව වැලිගම ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 94 කට අලෙවි කිරීම ඇතුළු දූෂණ ක්‍රියා හතරක් සිදු කරමින් රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 02 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය. 19 May 2026
වසරේ පළමු මාස හයට ජල ගාස්තු සංශෝධන නෑ මේ වසරේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
රත්නපුර දිසාපති පත් කරයි රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
සතොසෙන් කෙලින්ම දේශීය අර්තාපල් මිලදී ගන්න යයි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් සෘජුව මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස සමාගම මඟින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
ලංකාවට අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 19 May 2026
යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000 ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
මාලඹේ - කඩුවෙල හයිවේ අලුත් වේ මාලඹේ - කඩුවෙල මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
’’කපිලගේ නිවසේ CCTV දර්ශන ගබඩා වෙන්නේ නෑ’’ අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම ඔහු මියගොස් සිටි නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද පටිගත වන දර්ශන ගබඩා වීමක් සිදුනොවන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (19) දැනුම් දුන්නේය. 19 May 2026
අදායම් බදු ගෙවන්න මාස හයක සහන කාලයක් මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ බදු මුදල ගෙවනවා නම් සම්පූර්ණ පොලී ආදායම අහෝසි කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 May 2026
QR කේතය දිගටම ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේ කීය 19 May 2026
වෛද්‍ය ශිෂ්‍ය ගැටලු සාකච්ඡාවෙන් විසඳනවා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කරනු ලබන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට කඩිනම් පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 19 May 2026
ඉන්දියාවේ අලි ඇත් පොරයක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, අලි ඇතුන් රඳවා තැබෙන කඳවුරක ඇතුන් දෙදෙනකු අතරේ සිදුවුණු ගැටුමකට මැදිවුණු 33 හැවිරිදි සංචාරක කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය. 19 May 2026
චාමරගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට පාඩුවක් කලේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය. 19 May 2026
ජනපති රණවිරු සැප දුක බලන්න රාගම යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය. 19 May 2026
සියැට් කැලණි සේවකයෝ දිනෙක වැටුප රටට දෙති දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා ස්ථාපිත කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට සියැට් සමාගමේ කැලණිය ශාඛා අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන්ගේ දිනක වැටුප වශයෙන් රුපියල් 1,148,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. 19 May 2026
රණවිරු සැමරුමට මාර්ග වැහෙන්නේ මෙහෙමයි ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුක්රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත්වීමට නියමිතව හෙයින් එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්මක් පොලීසිය හදුන්වා දී අැත 19 May 2026
තානාපති කාර්යාල 7කට පොදු වෙබ් අඩවි වේදිකාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව ඊයේ (18) නිල වශයෙන් හදුන්වා දෙනු ලැබීය 19 May 2026
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් වෙච්ච දේ වාහන ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යෑමෙන් වෙළඳ හිඟය පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. 19 May 2026
කොංගෝවේ ඉබෝලා මරණ 100 ක් කොංගෝවේ ව්‍යාප්තවන මාරාන්තික ඉබෝලා වයිරසය මේ වනවිට 100 දෙනකු බිලිගෙන ඇතැයි, අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 19 May 2026
ඇමෙරිකන් මුස්ලිම් පල්ලියකට වෙඩි තියලා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝ නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් තිදනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 19 May 2026
ඉරානයට දැන්ම පහර දෙන්නේ නෑ - ට්‍රම්ප් සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයකට යෑම තාවකාලිකව කල් දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 19 May 2026
පහරදීමකින් දින දෙකකට පසු අයෙක් මිය ගිහින් තොට ළඟ පාළම අසලදී කාන්තාවක සමඟ ඇති ඇතිකර ගත් ආරවුලක් මත එම කාන්තාවගේ පුතුන් දෙදෙනා කළ පහරදීමකින් දින දෙකක් එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 19 May 2026
‘‘නිරිත දිග මෝසම සක්‍රිය වෙමන් පවතී‘‘ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 May 2026
ඇහැලියගොඩදී මහ දවල් ඝාතනයක් ඇහැලියගොඩ පොල්වත්ත කඩේ හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ඇහැලියගොඩ පොලිසිය කියයි. 19 May 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැලවේ: ගැසට්ටුව පිටවේ වසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. 18 May 2026
අන්තරේ මල්වානේ ඉඩමෙන් යයි දොම්පේ ප්‍රාදේශිය ලේකම් බාරයට පත් කර තිබූ මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16 ක ඉඩමකට ඇතුල් වී පුරා දින පහක කාළයක් එම ඉඩම අත්පත් කරගෙන සිට් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) දින එම ඉඩමින් ඉවත් වීමට කටයුතු කරන ලදී. 18 May 2026
මේ රණවිරුවන්ට මල් තියන්නත් අවසර ඕනෑ යුගයක් මේ රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕනෑ යුගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. 18 May 2026
තරුණ දිනයට විස මත් විරෝධී පා ගමන් 25ක් ජාතික තරුණ දිනය වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය. 18 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026