
(අංජුල මහික වීරරත්න)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කරනු ලබන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට කඩිනම් පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ දී විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වූ සැණින් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා එම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කියාකාරී කමිටුවේ නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයට කැඳවා සාකච්ඡා කර තිබේ.
මෙහි දී උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය සිසුන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම, නව පත්වීම් ලබාදීම, වෛද්‍ය සේවාවන් ඇතූළු සෞඛ්‍ය සේවාව පූළුල් කිරීමට අදාළ කරුණු රැසක් ඉදිරිපත් කරනු ලැබීය.
ඉදිරිපත් වූ ගැටළු පිළිබඳව අදාළ අංශයන්හි අවධානය යොමු කිරීමටත් ගත යුතූ ඉදිරි පියවරයන් පිළිබඳවත් නිලධාරීන් සහ අදාළ අංශ සමග තවදුරටත් සාකච්ඡා කිරීමටත් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළ කළේය.
මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් (පාලන) I ජී.එමි ජනක කිත්සිරි, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය එච්. එම්. අර්ජුන තිලකරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd