කෝච්චිපාරේ ඇණ ගැලවූ තරුණයාත් ව්‍යාපාරිකයාත් රිමාන්ඩ් දුම්රිය මාර්ගයේ යකඩ සොරාගෙන දුම්රිය පිළිපැනීමට සලස්වා රජයට පාඩුවක් හා මගීන් දස දෙනෙකුට බරපතල තුවාල සිදු කළ වනවාසල තරුණයා සහ යකඩ මිලට ගත් ව්‍යාපාරිකයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා 17නියෝග කළේය. 17 May 2026
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් යන්න සූදානම් තමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි. 17 May 2026
‘‘ඉබොලා ගැන අවධානයෙන් සිටිය යුතුයි‘‘ කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස වසංගත තත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස සළකා කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. 17 May 2026
වත්කම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත. 17 May 2026
පොදු රද මඬුලු සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුවට සුව ඇමැති ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Common Wealth Health Coordination Forum) පැවැත්විණි. 17 May 2026
තරුණයින් දෙදෙනා දිය රකුසාට බිලි කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ සොරොව්වක දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙක් දිය සුළියකට ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය සඳහන් කරයි. 17 May 2026
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියෝ ඉන්දියාවේ සංචාරයක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිති. 17 May 2026
රුධිර පිළිකා ලෙඩුන්ට කෝටි පහක ප්‍රතිකාර යන්ත්‍ර දානයක් ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර දෙකක් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මඟින් සෞඛ්‍ය සේවා පද්ධතියට එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පරිත්‍යාග කළේය. 17 May 2026
මේ සතියේ අප කොමිසමට යන්න පටන් ගන්නවා ගල් අඟුරු කොමිසමට යන්න සියලු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 17 May 2026
නිධන් හෑරු 7ක් අල්ලයි සියබලාගහගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව ගාලදිවුල්වැව පොලිසිය පැවසිය. 17 May 2026
වංචනික ගනුදෙනුවක් ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක් වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී සිදු වූ මුදල් වංචාව නිසා සිදු වූ අලාභය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 May 2026
සරසවි සිසුවා මෝටර් රථයට බිලි බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ත්‍රීමයිල් ප්‍රදේශයේදි සරසවි සිසුවෙකු පැදවූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු මියගොස් තවත් සරසවි සිසුවෙකු බරපතළ තුවාල ලබා ඊයෙ (16) රාත්‍රි දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 17 May 2026
දුම්කොලේට එරෙහිව ලොකු එකතුවක් දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක් වී තිබේ. 17 May 2026
රටේම ගැබිනි මවුවරුන්ගේ රුධිර පරීක්ෂාවක් හෙපටයිටීස් - බී (Hepatitis -B) රෝගය තිබේදැයි පරීක්ෂා කිරීම ඇතුළු ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ ත්‍රිත්ව (Triple Eliminayion) තුරන් කිරීමේ වැඩසටහනක් ජුනි පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවම ආවරණයවන පරිදි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 17 May 2026
මුදල් කොල්ලකෑ බව කියන පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 17 May 2026
අඩුවට කාර් දෙන්න ආපු ආණ්ඩුව අමතර බද්දකුත් දාලා විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 17 May 2026
අඩු පීඩන තත්වය දැක් ක්‍රමයෙන් දුර්වල වේ ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 May 2026
මල්වානේ නිවාස සිද්ධියට දෙදෙනෙක් පොලිසි යති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට රාවයක් තිබූ දොම්පේ මල්වාන පිහිටි අක්කර 16 කින් යුත් ඉඩමට බලහත්කාරයෙන් ඇතුලු වී එහි ඉදිකර තිබූ නිවසෙහි මේ වන විට පදිංචිව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් එම නිවසින් ඉවත් කර පොදු දේපලකට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ එම සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙසය නව ජනතා පෙරමුණ විසින් අද (16) දින දොම්පේ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරන ලදී. 16 May 2026
වනවාසල දුම්රිය පාරේ ඇණ ගැලවූ තරුණයා මාට්ටු කැළණිය වනවාසල දුම්රිය මාර්ගයේ ඇණ ගලවා දුම්රියක් පීලි පැනීමට ලක්කර අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා පැවසීය. 16 May 2026
මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. 16 May 2026
වනවාසල දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි අද උදෑසන වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට හේතුව කිසියම් අයකු දුම්රිය මාර්ගයේ පීලි මාරු වන ස්ථානයේ යකඩ කොටසක් ගලවාගෙන යෑම බව මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත 16 May 2026
ආනයන වාහනවලින් 50%ක අධිභාරයක් විදේශයෙන් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් අද සිට අය කිරීමට තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත 16 May 2026
මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් උපුල් දිසානායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති ධුර අපේක්ෂක ලෙස පත් කරන ලෙස එම පළාතේ පක්ෂ ප්‍රබලයන් රැසක් නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 16 May 2026
ගුවන් සමාගමේ සල්ලිත් වැරදි ගිණුමකට ගියාද ? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 16 May 2026
කතා පෙට්ටිය අඩු කරන්නැයි මන්ත්‍රී පිරිසක් ඉල්ලති පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 16 May 2026
ඉන්දියානු යුද නැවක් කොළඹ වරායට ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය 16 May 2026
නාමල් හොංකොං සමුළුවේදී කිව්ව කතාව උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 16 May 2026
වැටුප් කොමිසම ලබන සතියේ එයි රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 16 May 2026
ලෝක චෙස් සම්මේලනයේ සභාපති දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස , එහි සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වීම සදහා , ලෝක චෙස් සම්මේලනයේ සභාපති ’’ අරක්කඩි ඩුකෝවිච් ’’ ( Arkady Dorkovitch) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය. 16 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026