
රෝෂන් තුෂාර
දුම්රිය මාර්ගයේ යකඩ සොරාගෙන දුම්රිය පිළිපැනීමට සලස්වා රජයට පාඩුවක් හා මගීන් දස දෙනෙකුට බරපතල තුවාල සිදු කළ වනවාසල තරුණයා සහ යකඩ මිලට ගත් ව්‍යාපාරිකයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා 17නියෝග කළේය.
පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළණිය වනවාසල ලිපිනයේ පදිංචි සැකකරුවන් මේසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පෑලියගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල අජිත් කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක නිලධාරීවරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බැවින් සැකකරුවන් විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd