
(සුජිත් හේවාජුලිගේ )
විදේශයෙන් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් අද සිට අය කිරීමට තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්වේ.
කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව සියයට 50ක අධිභාරය බල නොපාන බවද එහි දැක්වේ
මුදල් අමාත්‍යාංශය මෙම සියයට 50 අධිභාරය පසුගිය අප්‍රේල් මස 01 වනදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල් බෝඩ් කාරයෝ දන්නා එකම දේ...
කරන හැමදේම කල්පනාවෙන් කරන්න. සියලුම දෙනාගේ එකම බලාපොරොත්තුව වාහනයක් මිලදී ගැනීම ලොකයේ පවතින මිලට... ලංකාව කියන්නේ වෙනම ලෝකයක් 400% බදු...
වාහනයක් ගන්න නම් උඹට වාහනයක් දැනටමත් තියෙන්න ඕනෑ... එහෙම නැත්නම් මාසෙට ලක්ෂ 5ක වත් ආදායමක් තියෙන්න ඕනෑ .
වර්තමාන රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කඩා වැටීමට එක ප්‍රධාන හේතුවක් නම් පසුගිය දිනවල විශාල වශයෙන් ඩොලර් වැය කර වාහන ආනයනය කිරීමයි. ඊට අමතරව, දිට්වා කුණාටුවට පසු සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්ද පැවතීම නිසා රටට ඩොලර් ගලා ඒමේ අඩුවක්ද ඇත. මේ වාතාවරණය යටතේ වාහන වලට අතිරේක බදු පැනවීම නිවැරදි තීන්දුවක්. සැබවින්ම මෙය සිදු කල යුතුව තිබුනේ මීට පෙරයි.
අර ලක්ෂ 12 විට්ස් එක ?
රටේ ආර්ථික තත්ත්වය අනුව දැනටමත් තිබෙන වාහන ප්‍රමාණය වැඩියි. ඕවා නඩත්තු කරන්න අමතර කොටස් වලට අමතරව, ඉන්ධන සඳහාත් ඩොලර් යනවා. අපේ අයත් ගන්න හදන්නේ ලෝකෙම ලොකුම වාහන. පොදු ප්‍රවාහනය දියුණු කර, විධිමත් කර ඒවාට ජනතාව නැඹුරු කිරීමයි අවශ්‍ය. එවිට, එක වාහනයකට එක රියැදුරා බැගින් අවශ්‍ය නැහැ. පාරේ වාහනත් අඩුයි. නිදහසින් ගමන ගිහිල්ලා වැඩේ කරන් එන්න පුළුවන්...