
(සුජිත් හේවාජුලිගේ )
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති ධුර අපේක්ෂක ලෙස පත් කරන ලෙස එම පළාතේ පක්ෂ ප්‍රබලයන් රැසක් නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.
දිසානායක මහතා මධ්‍යම පළාත් මහ ඇමැති ධුරයට පත් කිරීමට සියලුම ආසන සංවිධායකවරුන්ගේ ආශිර්වාදය ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ගලගෙදර සජබ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන උපුල් දිසානායක මහතා එම පක්ෂය සමග දීර්ඝ කාලීනව දේශපාලන කටයුතුවල නියැලී සිටින විද්වතෙකි.
සජබ නායකත්වය ඔහු විශ්ව විද්‍යාල සේවයේදී සිටියදී මහ ඇමති අපේක්ෂක ධූරයට පත්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ. දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින හෙයින් ඒ ඉල්ලීමට ඔහු කැමැත්ත පලකර ඇති බව දැනගන්නට ඇත.
මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයාය.ඔහු එහි දන්ත වෛද්‍ය පීඨයේ පීඪාධිපතිවරයා ලෙසද කාලයක් කටයුතු කළේය.
දූෂණ චෝදනා නැති චරිතවත් පුද්ගලයෙකු මහ ඇමති අපේක්ෂක ධුරයට පත් කිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් බව ආසන සංවිධායකවරු එක හඬින් කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණ චෝදනා නැති චරිතවත් නම් UNP/SJB එක්ක කොහොමද දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා ඉන්නේ!!!
ඔබලාට දැන් තියෙන ප්‍රශ්න ඕවාද?
ඔපොෂිසන් ලීඩර්...
හොද කෙනෙක්...
පව් තවත් බිල්ලක්...
අහිංසක ලෙඩ්ඩුන්ගෙන් හිතු මතේ ගසා කනවා. නුවර Wembly Theatre එක ගත්තේත් මේකා. ඒ අවට තියෙන ඔක්කෝම channel centres මෙයාගේ...
හොරු අල්ලනවා කියා ආව ආණ්ඩුව, චෝදනා කරන්නේ නෑ... රාජපක්ෂ ආණ්ඩුවට, ඒ වගේම දැනට නඩු දාලා තියෙන්නත් රාජපක්ෂ කණ්ඩායමට... ඒ වගේ ආණ්ඩුවට කරගෙන යන්න බැරිව... උදව් උදව් කියා ඉල්ලන්නේ SJB/UNP එකෙන් නම්... එයාට වඩා සහතිකයක් තව මොකටද? පිස්සුනේ..!