
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
කොමිසමේ සාමාජික ධුරවලට සුදුසු නාමයෝජනා දැනටමත් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
කාලයක් තිස්සේ නො විසඳුණු වැටුප් විෂමතා වැටුප් ගැටලු සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න ඇතුළු කාරණා විසඳීම සඳහා මෙම කොමිෂන් සභාව ඉදිරියේදී මැදිහත් වනු ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වැටුප් ගැටලු පවතින අදාළ ආයතන සහ ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා එම ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසීමටද වැටුප් කොමිෂන් සභාවට බලය පැවරෙනු ඇත.
වැටුප් කොමිෂන් සභාව පිහිටුවීම ජනාධිපතිවරයා පසුගිය අයවැයෙන් කරන ලද යෝජනාවක් ඉටුකිරීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd