(අංජුල මහික වීරරත්න)
විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මෙම බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින බවත් දැන්වත් රටය විහිළු සහගත කතා ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන්
ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක මාගම මහානාම හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අවාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් පවතින බව කී විපක්ෂ නායකවරයා මේ රුපියල අව ප්‍රමාණය වීම නිසා අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වී, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන්නේ යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඇවිත් ඇඩුවට බදු නැතිව රට ගෙනියන හැටිත් කියන්න... විශේෂයෙන් නිෂ්පාදනය වැඩිකර ණය ගෙවා බදු සහනත් දෙන්නේ කොහොමද කියා කියන්න ඕනේ. එහෙම කියන්න ඔබ ආර්ථික විශාදෙයෙක් නොවන බව මධ්‍යම පාන්තිකයින් දන්නවා.
පිනට ඉන්නමයි බලන්නේ...
හොද වෙලාවට ඔයා ජනාධිපති වුණේ නැත්තේ, නැතිනම් ඩොලර් නැතිව රට ආයේ බංකොළොත්.
ඇයි ඉතින් රිදෙනවද? මහා භංගසාලයක් වැනි කාර් එකක යන ඔබලා වගේ අපතයින්ට තමයි රිදෙන්නේ. රටේ මහජනයා යන්නේ කොට්ටපොල් බස් සහ දුම්රිය වල ....
22 දී ලෙල්ලටම වැටිලා තිබුණු රටේ ආර්ථිකය 23 ,24, 25, 26 වසර වලදී නැවත වර්ධනය වුන අලුත් ආණ්ඩුවට වසර එකහමාරක පමණ කාලයක් තිබුණ එම කාලය තුළ ශ්‍රී ලන්කන් වැනි පාඩු ලබන රජයේ ව්‍යාපාර පුද්ගලික අංශයට පැවරීමට හෝ වසා දැමීම, IMF කියපු විදිහට පුද්ගලික අංශයත් හවුල් කරගෙන විදුලි බල පද්ධතිය නවීකරණය කරගෙන, සුර්යබලය වැනි පුනර්ජනනීය ශක්තින් මගින් බල ශක්ති ප්රශ්නය යම්කිසි දුරකට සහනදායී මට්ටමකට යන්න තිබුණා. අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවක පිරිස ප්‍රතිව්‍යුහ ගතකරගෙන රජයේ වියදම් අඩු කරගන්න කාලය තිබුණ මෙම අත්‍යවශ්‍ය ආර්ථික ප්රතිසංස්කර කළා නම්, තත්වය මෙපමණ දුෂ්කර වෙන්නේ නැහැ. අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට නොකිරීම නිසා මුළු රටම අමාරුවේ වැටිලා...
janitha uae, ඔබගේ තර්කය යම් ප්‍රමාණෙකට හරි බදු නැතිව රටක් ගෙන යන්න බැහැ. නමුත් ලංකාවේ ප්‍රශ්නේ අසීමිත බදු බර නිසා ආර්ථිකය හැකිලිලා, රටේ මිනිස්සුන්ට ගහන බදු අඩු කරගෙන එමගින් ජීවන වියදම අඩුකර, සාර්ථක නිෂ්පාදන ආර්ථිකයකට යන්න නම් රජය මම ඉහත සදහන් කළ ආකාරයට රජයේ වියදම් අඩු කරගන්න රැඩිකල් පියවර පත්වුන මුල් කළෙම ගත යුතුව තිබුණ , අසාර්ථක රාජ්‍ය සේවය නිසා ජනතාව පිට බදු බර වැටෙන අතර, වැඩක් කරගන්න රජයේ කාර්යාලවල අනවශ්‍ය රස්තියාදු වෙන්න සිදු වීම නිසා ඔවුන් කබලෙන් ලිපට වැටිලා...
ඉස්සර අනුන්ගේ ඇදුම් ඇදගෙන දුප්පත් ජීවිත ගතකළ අපි දැන් ලස්සන රටක පොහොසත් ජීවිත ගතකරන මිනිස්සු, ඔබතුමාට පාන්ද? V8 වල යන්න ඕනේ ඔබ විතරද ? ජේවීපී කාරයින්ට v8 අකැපද?