
(අංජුල මහික වීරරත්න)
තමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි.
ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම මෙන්ම තම පවුලේ වගකීම් ද සමබරව පවත්වාගෙන යාම මුහුණ පා ඇති දැඩි අභියෝගයක් බැවින් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ගැන ජනපතිට දැන්වූ බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
කෙසේ වුවද සුමට හා විධිමත් සංක්‍රාන්ති කාල සීමාවක් සහතික කරනු පිණිස ජනාධිපති විසින් සුදුසු අනුප්‍රාප්තිකයකු පත් කරන තෙක් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවද ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා කියයි.
රට වෙනුවෙන් වගකීම් සහගත ධූරයක් හොබවමින් දේශයේ ප්‍රගතිය උදෙසා හැකි සෑම අයුරකින්ම දායක වීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් බවද එම අවස්ථාව ලබාදීම පිළිබඳව ජනාධිපතිට කෘතවේදීත්වය පුද කරන්නේ යැයිද හනීෆ් යූසුෆ් මහතා පවසයි.
ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමෙන් පසුවද ජනපතිගේ දැක්මට සහාය වෙමින්, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා තම ජාත්‍යන්තර සබඳතා ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් කටයුතු කිරීම අපේක්ෂා කරන බවද හනීෆ් යූසුෆ් මහතා වැඩිදුරටත් කියයි.
දේශයට සේවය කිරීම සඳහා ඇති කැපවීම නොසැලී පවතින අතර ජනාධිපතිවරයා තමා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව බලවත් කෘතඥතාව පළ කර සිටින බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයා කියයි.
බස්නාහින පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පවසන්නේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd