
(කේ. බුද්ධික කුමාරසිරි)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට රාවයක් තිබූ දොම්පේ මල්වාන පිහිටි අක්කර 16 කින් යුත් ඉඩමට බලහත්කාරයෙන් ඇතුලු වී එහි ඉදිකර තිබූ නිවසෙහි මේ වන විට පදිංචිව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් එම නිවසින් ඉවත් කර පොදු දේපලකට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ එම සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙසය නව ජනතා පෙරමුණ විසින් අද (16) දින දොම්පේ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරන ලදී.
එම පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා ප්‍රමුඛ කන්ඩායමක් පැමිණ එම පැමිණිල්ල සිදු කර ඇත.
එසේම දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයාද ඒ සම්බන්ධයෙන් අද (16) දින උදෑසන දොම්පේ පොලිසිය වෙත පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් නැති, ලංකාවේ පුරවැසිකමත් නැති එවුන්ට මොකටද ලංකාවේ ඉඩකඩම්, ගෙවල් දොරවල්?
"අසව් අසව්, මාලිමා කාඩර්වරු අලුත් අන්තරේ නමින් කරළියට පැමිණි වගයි".අතිගරු සිංහ රාජාණෙනි, ඔබ මරාගෙන මැරෙන ම්ලේච්ඡ කුරීරු ත්රස්තවාදීන් මුලිනුපුටා දැම්මේ හාස්කමක් කරලදත් කියලා හිතෙනවා... මේ ගොබ්බ සෙට් ඵක කුදලාගෙන ගිහින් හිරේ දාන්න බැරි මාලිමා පොලිසිය දැක්කාම.
එය රජයේ දේපලක් නම් ප්‍රාදේශීය ලේකම් ප්‍රමාදවීම වරදක්...