
(සුජිත් හේවාජුලිගේ)
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව ඊයේ (18) නිල වශයෙන් හදුන්වා දෙනු ලැබීය
අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණේ , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන මගින් මහජනතාව වෙත සපයන සේවාවන්හි කාර්‌යක්ෂමතාවය, ප්‍රවේශ්‍යතාවය, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම බවය.
මෙම නව ඒකාබද්ධ ඩිජිටල් වේදිකාව හරහා මෙරට පුරවැසියන්, විදේශගත ශ්‍රී ලාංකිකයින්, විදේශීය ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල 07 ක් මෙම ඒකාබද්ධ පද්ධතියට ඇතුළත් කර ඇත.
ඒවා නම්,
- නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
- මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‌යාලය
- වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
- බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
- බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
- හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
- කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල මෙම ඒකාබද්ධ සහ ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාව යටතට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd