(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා ස්ථාපිත කරන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට සියැට්  සමාගමේ කැලණිය ශාඛා අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන්ගේ දිනක වැටුප වශයෙන් රුපියල් 1,148,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. 

ඊට අදාළ චෙක්පත සියැට් සමාගමේ කැලණිය ශාඛාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් ඩී. ජී. එස්. ඩී. නවරත්න මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී   බාර දෙන  ලදී. 

සියැට් කැලණිය ශාඛාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ භාණ්ඩාගාරික වයි. පී. අයි. සී. කරුණාතිලක මහතා ඇතුළු විධායක සභිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.