ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, අලි ඇතුන් රඳවා තැබෙන කඳවුරක ඇතකු සහ අලියකු අතරේ සිදුවුණු ගැටුමකට මැදිවුණු 33 හැවිරිදි සංචාරක කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය. 

ගැටුමට මුල පිරුණේ කෝඩගු නමැති කඳවුරේ සිටින ‘මාර්තාණ්ඩ’ සහ ‘කන්ජන්’ නමැති අලියා සහ ඇතාය. ‘මාර්තාණ්ඩ’ සහ ‘කන්ජන්’ දෙදෙනා නෑමට රැගෙන ගිය අවස්ථාවේදී කලහය හටගෙන ඇත.  ‘මාර්තාණ්ඩ’ සහ ‘කන්ජන්’ දෙදෙනා එම අවස්ථාවේදී මද කිපී නොසිටි බව ද පැවැසෙයි. 

 ‘මාර්තාණ්ඩ’ සහ ‘කන්ජන්’ ට මැදීවී මියගියේ ජේ. තුලිසි නමැති කාන්තාවය. ඇගේ සැමියා, ඔවුන්ගේ පුතු ද වඩාගෙන ඇය බේරා ගැනීමට උත්සාහ ගන්නා සංවේදී වීඩියෝ දසුන් ද මේ වනවිට සමාජ මාධ්‍ය කැලැඹීමට සමත් වී ඇත.