
(සුජිත් හේවාජුලිගේ)
බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මේ මස අග බාරදීමට නියමිතය.
එම කමිටුවේ විමර්ශන කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.
අවසන් වාර්තාවේ කෙටුම්පත් සාමාජික මන්ත්‍රීවරුන්ට මුලින්ම බාර දීමට නියමිත අතර ඊට පසු ඔවුන්ගේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒවාද ඇතුළත් කර අවසන් වාර්තාව සකස් කෙරෙනු ඇත.
කමිටුව පළමු වරට රැස් වූ දින සිට මාස තුනක් ඇතුළත වාර්තාව බාරදිය යුතු බව එම කමිටුව පිහිටුවීමට අදාල යෝජනාවේ දැක්විණ
සිද්ධිය පිළිබඳව මුලින්ම විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයන් පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවන ලෙස විපක්ෂය ඉල්ලා ඇතත් ඔවුන් සිද්ධිය පිළිබඳව දැනටමත් අවසන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති හෙයින් එම කමිටු සාමාජිකයන් කැඳවීමේ අවශ්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.
බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd