
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ බදු මුදල ගෙවනවා නම් සම්පූර්ණ පොලී ආදායම අහෝසි කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම විධිවිධාන නව පනත් සංශෝධනයට ඇතුළත් කර තිබෙන බවද ජයවීර මහතා කීය.
නිශාන්ත ජයවීර මහතා මේ බව කීවේ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමිනි.
මේ පනත් කෙටුම්පතේ මූලික අරමුණ දැනට පවතින බදු ක්‍රමයේ තිබෙන සංකීර්ණතා ඉවත් කිරීමයි.බදු පරිපාලනය සිදුකිරීමේදී හඳුනා ගන්නා ලද අවිනිශ්චිතතා ඉවත් කර ගැනීමත් මෙහි අරමුණක් වෙනවා.බදු ක්‍රමය සරල කිරීම මෙහි අරමුණයි.බදු පදනම පුළුල් කරගැනීම තුළින් විශාල බදු ආදායමකට ගමන් කිරීම අපේ අරමුණ වී තිබෙනවා.අප බලාපොරොත්තු වන්නේ තවදුරටත් බදු අනුපාත වැඩි කිරීම හෝ බදු පැනවීම නොවේ.අයවැය යෝජනා නීතිමය තත්ත්වයට පත්කර පනත සංශෝධනය කිරීම මෙහි මූලික අරමුණයි යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd