
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ දිනය වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.
ජාතික තරුණ දිනය යෙදෙන මැයි 23වැනිදා එම පාගමන් සහ රැළි පැවැත්වෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ ජාතික තරුණ සේවා සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හට ඉන් මිදෙන ලෙස කරනු ලබන පණිවිඩය සන්නිවේදනය කිරීම හා මත්ද්‍රව්‍ය වෙළෙදාම්කරුවන්ට මෙරට තාරුණ්‍යයේ විරෝධය දැක්වීම සඳහා තාරුණ්‍ය ඒකරාශී කරගනිමින් මෙම පාගමන් සංවිධානය වන බව සභාපතිවරයා කීය.
"රටම එකට" විෂ මත් විරෝධි ජාතික මෙහෙයුමට සමගාමීව මෙවර තරුණ දිනය වෙනුවෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
සමාජයේ විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම සෞඛ්‍ය, ආර්ථික හා සමාජ ගැටළු රැසකට හේතු වී ඇති බවත්, විශේෂයෙන් තරුණ පරපුර එහි බලපෑමට දැඩි ලෙස ලක්වීම රටේ අනාගතයට හානිදායක තත්ත්වයක් උදා කිරීමේ අවදානම පවතින බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව 2026 ජාතික තරුණ දින සැමරුම “Say No” යන්න තේමා කර ගනිමින් සැමරීමට සැලසුම් කර ඇත.
මෙහි ජාතික වැඩසටහන කොළඹ හා නාගරික තරුණයා දිස්ත්‍රික්ක ඒකාබද්ධ කර මහරගම නගරයේදී පැවැත්වීමට නියමිත බව තරුණ සේවා සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඊට සමගාමීව අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සභාපතිවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd