(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යෑමෙන් වෙළඳ හිඟය පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය.
එසේම මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් 2026 වසරේදී නව ආර්ථික අභියෝග මතු විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණයෙන් පෙන්වා දී ඇත
2025 වසරේ ඩොලරයට සාපේක්ෂව රැපියල සියයට 5.6 කින් අවප්‍රමාණය වී අැති බව මහ බැංකු නිලධාරීහු කීහ
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී සියයට 5 ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක් දක්වා අඩු වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු පවසති
කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික අංශයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසීය .
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරණ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඒ මහතා නොපැමිණීම දන්වා තිබූ බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරැන් වන නිශාන්ත ජයවීර, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරන ලදී.
2025 අගෝස්තු මාසයේ සිට උද්ධමනය ධන අගයක් ගත් බවත්, ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම මෙයට හේතු වී ඇති බවත්, වාර්ෂික ආර්ථික විවරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.
රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී ඇති අතර, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.6 දක්වා ඉහළ ගොස් අැත
ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4 ක් ලෙස වාර්තා වී ඇත.
සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සිඅයයට 2.3 දක්වා අඩු වී ඇති අතර, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 91.6 දක්වා පහළ බැස තිබේ.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1 ක වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවත්, සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2 ක් ලෙස වාර්තා වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
මෙම රැස්වීමට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd