
(කේ බුද්ධික කුමාරසිරි)
දොම්පේ ප්‍රාදේශිය ලේකම් බාරයට පත් කර තිබූ මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16 ක ඉඩමකට ඇතුල් වී පුරා දින පහක කාළයක් එම ඉඩම අත්පත් කරගෙන සිට් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) දින එම ඉඩමින් ඉවත් වීමට කටයුතු කරන ලදී.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සමග අද දින උදෑසන පැවැති සාකච්චාවකින් පසු අදාල ඉඩම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෙත පවරා ගෙන විශ්ව විද්‍යාල පද්ධතියට එක් කිරීමට අග්‍රාමාත්‍යවරිය එකගතාවය පල කිරීම නිසා මෙලෙස අදාල ඉඩමින් ඉවත් වීමට තීරණය කළ බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සසිදු පෙරේරා පැවසීය.
විශ්ව විද්‍යාල රැසක ඉඩකඩ මදි වීමත් ශිෂ්‍ය නේවාසිකාගාර ගැටළු සදහා අවශ්‍ය ඉඩම් නොමැතිකමෙන් මෙලෙස රජයට අත්පත් කර ගෙන ඇති දේපල එම ශිෂ්‍යයින්ට ලබා දෙන ලෙසට බල කරමින් මෙම සිසුන් ඉකුත් දා මෙම භූමිය අත්පත් කර ගෙන තිබුණි.
අදාල රජයේ ඉඩම බලහත්කාරයෙන් අල්ලා ගෙන එහි පදිංචිව සිටීම පිලිබදව දොම්පේ ප්‍රාදේශිය ලේකම්වරයා සහ නව ජනතා පෙරමුණ දොම්පේ පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd