(අංජුල මහික වීරරත්න)

රණ විරුවන් මරණාසන්න මොහොතේ ප්‍රාර්ථනා කළ සර්ව සාධාරණත්වය පිරි නීතිය අගයන රට ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රණවිරු ස්මාරකය අබියසදී ශපත කළේය.

ජනාධිපතිවරයා මෙම ශපත කිරීම සිදුකළේ 17 වැනි ජාතික රණවිරු දින සැමරුම අමතමිනි.

"මේ විරු ස්මාරකය ඉදිරිපිට මා ශපත කර කියන්න ලෑස්තියි ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අප බාර ගන්නවා. ඔවුන්ගේ ප්‍රාර්ථනා කිසිසේත්ම යටපත් කරන්නට පාවා දෙන්නට කටයුතු නොකරන බවත් මා ශපත කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.