දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කමට අවස්ථාව දෙන්න එපා
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම කළ යුතු බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.