
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට අද (14) පෙරවරුවේ බලහත්කාරයෙන් පිවිස ඔහුගේ අසුනේ වාඩිවූ කාන්තාවක මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක් බව පසුව තහවුරු වී යැයි රෝහල් ප්‍රකාශකයා කීය.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයට අද පෙරවරු 10ට පමණ පැමිණි අදාළ කාන්තාව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට තර්ජනාත්මක අයුරින් බැණ වැදී ඇතැයිද එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇතැයිද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම ආසනයෙන් පිටත්ව ගිය සැණින් අදාල වෛද්‍යවරිය එම අසුනේ ඉඳගෙන රාජකාරි හරියට කරන්න බැරි නම් තනතුරෙන් ඉවත් වන්නැයි කියමින් කෑ ගසමින් සිටි බව රෝහල් ප්‍රකාශකයා කීය.
රෝහල් බලධාරීන් එහි පැමිණ එම වෛද්‍යවරිය ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට ගෙන ගොස් බාර දී තිබේ. ඇයට මානසික රෝගයක් තිබේදැයි හෙළිකර ගැනීමට පරීක්ෂණ කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල දොස්තරලාගේ ග්‍රහ මාරුවද කොහෙද? දියවන්නාවේ ඉන්න කොන්දොස්තර කෙනෙකුත් ගිහිං විපස්සනායක පුටුවේ වාඩිවෙලා ගොන්පාට් එකකුත් දාලා තිබුණේ. තව දොස්තර කෙනෙක් තාමත් රිමාන්ඩ් එකේ, එයාගේ දුවත් ටික දවසකට අම්මගේ දුක-සැප බලන්න ඇතුළට ගියා. දැන් මෙයා? දැන් ජනතාවට පශු වෛද්‍ය පිහිට විතරයි.
පිස්සෙකු ගේ පුටුවේ පිස්සියක් වාඩි වෙච්ච සීන් එකක් වගෙයි !