IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘කිරි ඉතිරෙන රටක්‘පස් අවුරුදු සැලැස්ම එළි දකී

 (නිමල කොඩිතුවක්කු)

“කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම කෘෂිකර්ම සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද(14) එළිදැක්විණ.

දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් දක්වා ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එහිදී පැවසිය.


කිරි ලීටර් 20 ඉක්මවා කිරි උත්පාදනය කරන ගොවිපලවල් 22,500ක්, කිරි ලීටර් 40 ඉක්මවූ ගොවිපලවල් 15,000ක්, කිරි ලීටර් 100 ඉක්මවා කිරි නිෂ්පාදන ගොවිපලවල් 1200ක් නිර්මාණය  කිරීමට සැලසුම් කරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වෙනවිට කිරි නිශ්පාදනය ලීටර් ලක්ෂ 10ක ප්‍රමාණයක් බවත් එය සමස්ථ කිරි පරිභෝජනයෙන්  සියයට 35ක් 40ක ප්‍රමාණයක් බවත් ඔහු පැවසීය.

මෙරට තුළ පවතින පශු වෛද්‍ය කොට්ඨාස 337ක සහයෝගය ලබා ගනිමින් කිරි නිෂ්පාදකයන්ගේ අගය වර්ධන කේන්ද්‍රස්ථානයක් ජුලි මස 20වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවද කරුණාරත්න මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංකල්පයක් අනුව “කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වේ.

 



අදහස් (5)

‘කිරි ඉතිරෙන රටක්‘පස් අවුරුදු සැලැස්ම එළි දකී

ගුණරත්න ඩෝබි Monday, 14 July 2025 02:44 PM

වැඩිපුරම ඉන්නේ රට බංකොලොත් කරපු තක්කඩින්ට රෙදි නැතිව ගොට්ට අල්ලන බත්කන අමු ගවයෝ, එහෙව් එකේ කොහොමද හලෝ රටට කිරි ඉතිරෙන්නේ? රෙද්ද පල්ලෙන් වෙන මොනවා හරි නම් ඉතිරේවි...

:       13       12

කල් ගටස් Monday, 14 July 2025 02:51 PM

තාම මනස වෙනස් වෙල නැහැ මීඩියා කැම්පේන් එපා. සරලයි pls singapore

:       1       8

Asela Monday, 14 July 2025 03:07 PM

මම දන්නේ නැහැ. පැලවත්තෙන් ආපු කිරි පැකට් එකම ආනයනික නිෂ්පාදනයටත් සමානයි. ආනයනික කිරිපිටි වලටත් ඒ බද්දම තමයි, නැත්නම් පැලවත්තටත් එහෙමයි. වසන්තගේ තර්කය නම් ශ්‍රී ලංකාවේ ඊනියා සහල් වෙළෙන්දන් ආරක්ෂා කරන්න ආනයනික සහල් රුපියල් 60කින් වැඩි කළා කියන එකද? මේ අවුරුදු 5ක සැලැස්මත් එක්ක, තවමත් නිෂ්පාදනය එලෙසම පවතීවිද? තවත් බොරු ගිලින්න අපි කට ඇරගෙන ඉන්න ඕනෑද?

:       8       10

යෝගා Monday, 14 July 2025 03:29 PM

මේ ගමන්ම රිලව් ගනිනවා කියලා නාස්ති කරපු රටේ බදු මුදල් කෝටි ගණන ගැනත් යමක් කරන්න. රිලා පාලුවට විසඳුම් දුන්නා වගේම තියෙයි ද මේකත්?

:       12       13

ටිල්වින් සීයා Monday, 14 July 2025 03:32 PM

අනුර මීටරෙන් කිච වීගෙන යන්නේ. ඔය මොනවා හරි ජල්තරයක් කරපල්ලා කොල්ලනේ.

:       11       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site