
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන් අදින්(14) පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මේ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ගේ වැටුපෙන් අද සිට එක් දිනකට තිහෙන් එක බැගින් කපා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.
වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන් සෑම වසරකම මාර්තු 31 වනවිට පැවති දේපළ පිළිබඳ විස්තර ජුනි මස 30 වැනිදාට පෙර සිය ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතුවේ.
එසේ භාර දුන් පසු ආයතන ප්‍රධානීන් විසින් එම වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කෙරේ. ජූනි 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ට එම ප්‍රකාශ භාරදීම සඳහා තවත් සති දෙකක සහන කාලයක් හිමිවූ අතර එම සති දෙකක කාලයේදී වත්කම් බැරකම් බාරදුන් නිලධාරීන්ට අල්ලස් කොමිසමෙන් අවවාද ලිපියක් පමණක් නිකුත් කෙරේ.
මේ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට රජයේ නිලධාරීන්ට දුන් සති දෙකේ සහන කාලය අවසන් වන අද දින වන විටත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදී ඇති නිලධාරීන්ගේ ලයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතුවේ. දඩ අය කෙරෙන්නේ එම නිලධාරීන්ගෙනි. නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව දූෂණ වංචා සහ ක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම නව නීතිය ක්‍රියාත්මක වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් රජයේ ප්‍රධානීන්ට මෙම නියෝගය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් රටක් ගොඩනැඟීමේ ගමනේ කාලීන වටිනා පියවරක්
ආණ්ඩුවේ ඉහලම නිළධාරීන් කෙළින් නම්, පහළ අය ඉබේටම හැදෙනවා නැත්නම් හැලෙනවා.
අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, ඔය නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට හා විනිශ්චයකාරවරුන්ටත් අදාළයි නේද? එම නිසා ඔය ලිපියම කථානායකතුමාට හා අග්‍රවිනිශ්චයකාරතුමාටත් යැව්වොත් නරකද? එතකොට නේද නීතිය හැමටම සමාන වෙන්නේ. අමතකයි වගේ පෙනෙන නිසා නිකන් මතක් කරන්නයි කිව්වේ...
පඩි කපන්න නෙමෙයි රස්සාවෙන් එළියට දාන්න ඕන. මොකක්ද ඕක දෙන්න තියෙන අමාරුව?