
(අනිල් ගාමිණි විජේරත්න සහ බණ්ඩාර තල්පත්වැව)
භාතිය හස්තියාට පුරා දින නවයක ප්‍රතිකාරවලින් පසු සිටින ස්ථානයේම අනික් පසට පෙරළීම අද දින සිදු කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ වෛද්‍ය උපදෙස් මත එම කටයුතු සිදු කෙරිණි.
භාතිය හස්තියා රෝගීව ඇවිද ගත නොහැකිව මහව මානින්ගමුව පොල්පිතිගම කැලෑබද ප්‍රදේශයක වළක වැටී සිටින මෙම හස්තියාගේ දකුණු පාදයට තුවාල සිදු ව ඇත. වලහි වැතිරී සිටින හස්තියාට නැගීමට හෝ ඇවිද යාමට නොහැකිව සිටියි.
දින නවයක් තිස්සේ හස්තියාට ප්‍රතිකාර සිදුකරන අතර වන ජීවී නිලධාරීහු ඔහුට ආහාර සපයමින් සිටිති.
උක් බඩ ඉරිඟු, කොමඩු, කෙසෙල් ගෙඩි වැනි ආහාර මෙන්ම ගොයම් හා විවිධ පලතුරු මෙන්ම කොළ වර්ගද හස්තියාට ලබාදීම සිදු කෙරේ.
අද දින උදේ වරුවේ ඇතා වැතිරී සිටින වල ජලයෙන් පුරවනු ලැබීය. එම ජලය තුළ දැලක ආකාරයෙන් දොඹකරයක් මගින් ඇතා අනෙක් පසට පෙරළීම සිදු කරන ලදී. අනෙක් පසට පෙරළූ භාතියට අද දින හවස් වරුවේ ප්‍රතිකාර කිරීම අරඹනු ලැබීය.

2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘භාතිය‘‘ ඔසවයි