IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සුමින්ද ලියනගේ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ප්‍රංශය මූලස්ථාන කරගත් සූපවේදීන්ගේ සංගම්වල ලෝකසම්මේලනය (World Association of Chefs Societies - WACS) මගින් සූපවේදියෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙය වන අතර චීනයට ද මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

1928 දී ආරම්භ කරන ලද සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය, ලෝකයේ වඩාත්ම බලගතු සූපවේදීන්ගේ සංවිධානවලින් එකකි. එහි ලෝක සූපවේදීන් සහතිකකළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානය පිරිනමනු ලබන්නේ සූපශාස්ත්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්, වෘත්තීය කුසලතා සහ ඉගැන්වීමේ මට්ටම් ලබා දුන් අධ්‍යාපනඥයන් හඳුනා ගැනීම සඳහා ය.

මෙම සුදුසුකම් සඳහා සහතික කිරීමේ ප්‍රමිතීන් අතිශයින්ම දැඩි වන අතර, ඉගැන්වීමේ අත්දැකීම්, වෘත්තීය කුසලතා, කර්මාන්ත බලපෑම සහ සූපශාස්ත්‍ර අධ්‍යාපනයට දායකත්වය වැනි බහුවිධ මානයන් ආවරණය කරයි.

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතාගේ පොහොසත් ඉගැන්වීමේ අත්දැකීම් සහ විශිෂ්ට ඉවුම් පිහුම් කුසලතා සමඟින්, පරීක්ෂාවට ලක් කර දැඩි ලෙස සමාලෝචනය කර මෙම ගෞරවය ඔහුටපිරිනමා ඇත.

2017දී  යුන්නාන් සංචාරක විද්‍යාලයට සම්බන්ධ වූ සුමින්ද ලියනගේ මහතා ජාත්‍යන්තර හුවමාරු හා ඉගැන්වීම් කටයුතුවල ක්‍රියාකාරීව නියැලී සිටින අතර, බටහිර ඉවුම් පිහුම්, ආසියානු ආහාර සහ බටහිර බේකරි නිෂ්පාදන වැනි බහු ක්ෂේත්‍රවල ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය චීන ඉවුම් පිහුම් කුසලතා සමඟ ඒකාබද්ධ කරමින්, සිසුන්ගේ ජාත්‍යන්තර දැක්ම පුළුල් කරමින් සහ ඉගැන්වීමේ අන්තර්ගතය පොහොසත් කරමින් සිටී.

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා සූප ශාස්ත්‍රයට අදාලව සූපවේදයට පෙරවදනක්, අංග සම්පූර්ණ කේක් සහ පේස්ට්‍රි අත්පොත, කේක් ඩෙකරේටර්, බේකරි ශිල්පය මුල සිට සරලව, කටටරසට, ගමේ කෑම සහ චීන රස මතක වැනි ග්‍රන්ථ රැසක්  ප්‍රකාශයට පත්කර ඇත.

ඔහු  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ආසියානු ලංකා හෝටල් පාසල ඇතුළු ආයතන රැසක සූප ශාස්ත්‍රය පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත.  එපමණක් නොව සුමින්ද ලියනගේ මහතා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ විෂය මාලා සංවර්ධන කටයුතුවල සම්පත් දායකයෙකි.

කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂයෙකු වන කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා මහරගම තරුණ සේවා සභාවෙන් සහ ලංකා හෝටල් පාසලෙන් සූපවේදය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඇත.  කොළඹ ප්‍රධාන තරු පහේ හෝටල් රැසකට සිය සේවය සපයා ඇති ඔහු සිංගප්පූරුව සහ දකුණු කොරියාවේ සේවය කොට ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.



අදහස් (0)

සුමින්ද ලියනගේ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site