IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රජය පොරොන්දු එකින් එක කඩ කරනවා

(නිමල කොඩිතුවක්කු)

මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කර ඇති රජයට ජනජීවිතය සුරක්ෂා කිරීම වෙනුවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන්නට රජය පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නත් අද වන විට මහජන ආරක්ෂාව සැපයීමට නොහැකි අසමත්  රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

මේ වන විට රටේ නීතිය වල් බිහි වී නීතියේ ආධිපත්‍ය සහමුලින්ම විනාශ වී කැලෑ නීතිය ක්‍රියාත්මක බවත් වෙඩි තැබීම් 67ක් සිදුව  ජීවිත 37ක් අහිමි වී ඇති බවත් ඔහු පැවසීය.

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති පවත්වන්නැයි රජය ජනතාවට කිව්වත් අද වන විට රටේ ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව නැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.



අදහස් (9)

රජය පොරොන්දු එකින් එක කඩ කරනවා

අරවින්ද මොණරවිල Monday, 14 July 2025 06:20 PM

අනේ කමක් නැහැ බං !

:       0       2

Achi Monday, 14 July 2025 07:47 PM

චන්දය දීපු කට්ටිය සද්දා නෑ, චන්දය නොදීපු කට්ටිය තමයි දැන් අඬන්නේ

:       0       3

King Monday, 14 July 2025 07:49 PM

කුඩු කාරයෝ මරා ගත්තට ආණ්ඩුව පළිද? කොහොමද ඔබතුමන්ට ඉස්සර බස්, සල්ලි ලැබුණේ ඔය කුඩ්ඩන්ගෙන් තමයි. දැන් ඒ ආදායමත් නැති උනා නේද?

:       0       2

Shaf Monday, 14 July 2025 08:38 PM

දුකට කියන කථා අර FB එකේ දැන් ෆේක් ගිණුම් හදාගෙන ඕක තමයි කියන්නේ. චන්දෙ නොදීපු උන් තමයි දැන් අඬන්නේ

:       0       3

chandima Monday, 14 July 2025 09:54 PM

අපිනම් චන්දෙ දුන්නේ පොරොන්දු වලට නොවේ. පාරම්පරික හොරුන්ගෙන් රට බේරාගන්න . තවම මේ ආණ්ඩුව හොරකම් කරලා නැහැ, ඒ හොඳටම ඇති. අපි දුක් විඳලා ගේන සල්ලි වලින් හොරුන්ට සැප දීපු කාලේ ඉවරකළ එකම ඇති .. ඔයා මොන බයිලා ගැහුවත්, ආයෙත් මේ රටේ සල්ලි හොරකම් කරන උන්ට නම් එන්න දෙන්නේ නෑ.

:       0       2

Shantha Tuesday, 15 July 2025 12:27 AM

පියනෝ නියමෙට ජනජීවිතය ආරක්ෂා කළා අපිට හොඳට මතකයි. අනේද කියන්නේ.

:       0       3

Perera Tuesday, 15 July 2025 12:29 AM

තමුන් දෙසැම්බර මාසේ ජනපති වෙනවා කියලා ඔහේගෙ එකෙක් කිව්වෙ, එතකොට ඔහේ දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරන්නකෝ.

:       0       3

Rata Perata Tuesday, 15 July 2025 02:50 AM

අනේ යනවා මනුස්සයෝ යන්න. පක්ෂෙ සමඟිය වත් තියාගන්න බැරි මිනිහා රටේ ආරක්ෂාව ගැන බයිලා ගහනවා.

:       0       3

දලුවගෙදර Tuesday, 15 July 2025 01:18 PM

කට පියාන ඉන්න තාක් කල් ඔබේ සේවය රටට ලැබෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site