IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සුව ඇමති යාපනේ රෝහල බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයකට ලක්විය

උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක වල පිහිටි රෝහල්  විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ  සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණය කළේය‍ෙ

මෙහි දී යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, නේවාසික රෝගී ප්‍රතිකාර වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය සහ රසායනාගාර, සීටී ස්කෑන් ඒකකය, විකලාංග මෞත්‍ර ලිංග ශල්‍ය වාට්ටු, රෝහලේ ප්‍රතිකාර අංශ මෙන්ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වයන් මෙන්ම ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරික්ෂණයට ලක් වු අතර, නේවාසික රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

යාපනය ශික්ෂණ රෝහල යාපනය, කිලිනොච්චි, මන්නාරම මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ සඳහා සෞඛ්‍ය සේවා සපයනු ලබන අතර,  මෙම රෝහල වාර්ෂිකව ප්‍රසව වෛද්‍ය ප්‍රතිකාර 20,000 කට අධික සංඛ්‍යාවක් සහ දරු ප්‍රසූති 5582 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබයි. ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වාර්ෂිකව සුළු සැත්කම් 22000 කට අධික සංඛ්‍යාවක් සහ ප්‍රධාන සැත්කම් 13000 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබන අතර, යාපනය ශික්ෂණ රෝහලේ අති නවීන රසායනාගාරය රෝගීන්ට දැවැන්ත සේවාවක් සපයයි. 

 

 



අදහස් (0)

සුව ඇමති යාපනේ රෝහල බලන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site