(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් සහ තවත් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කියයි.
හිටපු සහකාර කොමසාරිස්වරිය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. හිටපු කොමසාරිස්වරිය ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස මේ වන විට කටයුතු කරයි.
අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදුකරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ, සංවර්ධන සහකාරවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
එම වහානය අනීතිකව පැවරීමක් සිදුකිරීම සඳහා නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ශාඛාවේම විමර්ශන අංශයේ, අධීක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී අනීතික ආකාරයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආර්.එම්.වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තුනක් සැකපිට