
(යොහාන් භාසුර)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පාසලක කාලපරිජේදයක කාලය විනාඩි 50 ක් බවට පත්වන බවත් ඒ අනුව දැනට ඇති දිනක කාලපරිච්ජේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩුවන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාතයංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති හමුවකදී නාලක කළුවැව මහතා එසේ පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට 1 සිට 6 ශ්‍රේණි මුලිකරගෙන ආරම්භ කරන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රවේශය එම 1 සිට 6 ශ්‍රේණි මූලිකව සමස්ත ශ්‍රී ලංකාවේම ආරම්භ කරන බවත් ඒ මහතා කිය.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුවත් සෙසු පන්තිවලටත් විනාඩි 50 ක දිනනකට කාලපරිච්ජේද 7 නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා 1 සිට 6 ශ්‍රේණිය දක්වා ගුරුවරු ලක්‍ෂයක් පුහුණුකරන අතර අධ්‍යාපන වෙනසේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම ගුරුවරු අත තිබෙන බවත් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂයයකට වැඩි වෙලාවක් අවධානය යොමු කිරිමට සැලසිමෙන් ළමුන් හෙමිබත් වෙි.. කාල පරිඡේදයක කාලය අඩු කිරිම වෙනුවට වැඩි කර අැත.. බඩු මිළ වගේම ය.. අාණ්ඩුව සිය පාලන සමයේ කරන කියන දේ වෙනුවෙන් වග වන බව ප්‍රසිද්ධියේ පැවසුවද මෙහි දී ගුරැවරැ මත සියළු වගකීම් පටවා අැත..
ඇත්තටම කාර්යක්ෂම පාසල් පද්ධතියක් තියෙනවා නම් උසස් පෙළට ටියුෂන් යන්න ඕනේ නෑ .විෂය නිර්දේශය ආවරණය කරලා පසුගිය ප්‍රශ්න පත්‍ර කරලා ළමයින්ව විශ්වවිද්‍යාල වලට යවන්න පුළුවන්. ඒකෙන් මසකට එක් දරුවෙක්ට රුපියල් 10,000-15,000ක් ඉතුරු වෙනවා. සමහර දෙමව්පියන් ළමයින්ට ටියුෂන් යවන්න ණය වෙනවා පව්.
බු හා හා මොන විකාරයක්ද ඒ? කාලපරිච්චේදයක කාලය වැඩි කරලා විෂයන් ගණන එකකින් අඩු කරලා! ඇත්තටම මේවා හදන උන්ගේ මොලේ තියෙනවද කියල බැලුවොත් වටී. මේ දෙයින් මොකක්ද අපේක්ෂා කරන්නේ? තමනුත් වැඩක් කොරා කියල පෙන්වන්නද?
පළමුවෙන්ම රටේ ජීවත්වෙන දරුවන්ට කන්න දෙන්න.
ඇත්තටම විෂයන් හතක් නොවෙයි හයකට සීමා කරන්න ඕනා. ඒකෙන් දරුවන්ට මානසික දැනෙන විඩාව මෙන්ම, කායිකව පීඩාකාරී පොත් බෑගයේ බරද අඩු කරන්න පුළුවන් වෙයි.