
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහපොළ භාරකාර අරමුදල 2023 වසරේදී කොන්ත්‍රාත් පදනම මත වසර දෙකක කාල සීමාවකට නිලධාරීන් පත් කිරීම සහ මාර්ග ගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු ඉන් ඉවත්වීම හේතුවෙන් අරමුදලට රුපියල් කෝටි 75කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
ඒ පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වා වැරදිකරුවන්ට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට නිර්දේශ කළේය.
මහපොළ භාරකාර අරමුදලේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා එම අරමුදලේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳවූ අවස්ථාවේදී මෙසේ නිර්දේශ ඉදිරිපත් කෙරිණ.
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහපොළ ලොතරැයියකිනුත් කෝටි 75ක් වතුරේ