IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආර් එම් වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප

(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ ආනයනය කළ  ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් නීති විරෝධීව  ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(14) නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් හා ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සූරියා ප්‍රියංගනී සිරිමාන්න , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහකාර අබේසිංහ ආරච්චිගේ සංජීව කුමාර,අධීක්ෂණ නිලධාරි ඉන්දික ලක්ෂමන් හේරත් සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිනි. 

සැකකරුවන්ට රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙක බැගින්  නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළාය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ 2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට  ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් අනීතික ලියාපදිංචි  කිරීම  හා ඊට ආධාර අනුබල දීම තුළින් රජයට රුපියල් 32268620.00 පාඩුවක් කිරීමේ  සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

 



අදහස් (0)

ආර් එම් වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 175 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 54 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 744 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site