සැමට සෙවණ දෙන්න ප්රචාරක වියදම කෝටි ගානක්
යහපාලන රජය සමයේ ක්රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්රචාරක වියදම සඳහා පමණක් රුපියල් 523,664,286 ක මුදලක් වැය කොට ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකාරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.