
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීරිගම බෝතලේ පහළගම ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි
බෝතලේ පහලගම ප්‍රදේශයේ ඉඩමක දූරියන් ඇහිලීමේ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මිරිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මංකොල්ලකාරයෙක් නම් එය සාධාරණයි.
අති දක්ෂයො කියලා ප්‍රචාරය දීලා පොලීසියේ ලොකු පුටුවලට පත්කරගත්ත දේශපාලන එහෙයියෝ තාමත් රෙදි ඇඳගෙනද ඉන්නේ?