
(අංජුල මහික වීරරත්න)
දේශ සීමා මායිම් හරහා රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු (Cross- Broder E-Commerce) මත බදුකරණය ගැන සොයා බැලීමට නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ.
උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මඟින් සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වලින් බදු ආදායම රැස් කිරීම සංවිධිත කිරීම රජය විසින් සිදු කළ යුතු වේ.
විද්‍යුත් වාණිජ්‍ය වේදිකා ඔස්සේ කෙරෙන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන කාර්ය පටිපාටියේ ඇතැම් දුර්වලතා හඳුනාගෙන මෑතකදී ශ්‍රී ලංකා රේගුව විසින් සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනය කර ඇත. එය ක්‍රියාත්මක කිරීම තුළින් උද්ගත වී ඇති ප්‍රමාද වීම්, ඉහළ ගිය ගනුදෙනු පිරිවැය, මහජන විශ්වාසය පළුදු වීම, මිල ගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්වයන් විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවන් භාවිත කරන්නන්ගේ අතෘප්තිමත් භාවයට හේතු වී තිබේ.
විශේෂයෙන්ම, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් බලපෑමට ලක්ව ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විද්‍යුත් වාණිජ බද්ධ ගැන හොයන්න නිලධාරී කමිටුවක්