
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තදාසන්න ප්‍රදේශ වල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැත. එබැවින්, දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතී. දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටල වලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින්, නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිත වීම් හා බිඳ වැටීම් වලට ලක් වේ.
එම තත්ත්වය යටතේ දෛනිකව දුම්රිය භාවිත කරනු ලබන මගීන් බොහෝ අපහසුතාවන්ට ලක් වන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි . වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන අතර, දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවක් පවතී. ඒ අනුව, තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 5 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් දුම්රිය බලවේග කට්ටල පහක් ලංකාවට
Nihal Tuesday, 15 July 2025 03:20 PM
ඉන්දියාව රට වැටුණු වෙලාවේ අත හිත දුන්නා නමුත් මේ කට්ටල ජපානේ හෝ රුමේනියාවෙන් ගෙන්වනවානම් කාලයක් ප්‍රයෝජනයට ගතහැකිය
Saman Tuesday, 15 July 2025 04:12 PM
ඉන්දියාවෙන් ගෙන්නමු ලාභයි.
සිරිමාන්න S.A.V.S. Tuesday, 15 July 2025 06:48 PM
මේවා ජපානයෙන් හෝ චීනයෙන් ගෙන්වන්න.ඉන්දියානු ඒව ඉක්මනින්ම දිරායනවා.
kaushalya Tuesday, 15 July 2025 11:54 PM
S14