
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය - 2025-2029 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2018 වර්ෂයේදී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ පළමුවන තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් පළමු වන සයිබර් ආරක්ෂණ මූලෝපාය මත පදනම්ව සහ ලෝක බැංකුවේ සහාය ඇතිව සයිබර් ආරක්ෂාව පිළිබඳ " ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029" සකස් කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩි දියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සුදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන එකී මූලෝපාය කෙටුම්පත් කර ඇත. ඒ අනුව, " ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029" ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිබර් ආරක්ෂාවට අලුත් වැඩක් අරඹයි
රනේ Tuesday, 15 July 2025 04:23 PM
අපරාදේ කියන්න දෙයක් නෑ හැම අතින්ම අපරාද නිසාම සෑහෙන්න අළුත් රස්සා ජාති හැදෙනවා.