IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මළ අප ජල පිරිපහදුව යාන්ත්‍රික වෙයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වලින් සිදු කරන මළ අපජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිකර්ම පද්ධති ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ප්‍රමාණවත් මළ අප ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන නොමැති වීම දිවයිනේ මළ අප ජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ සේවා දාමය සපුරාලීම සඳහා බාධාවක් බවට පත්ව ඇත.

ඒ හේතුවෙන් ඇතැම් අවස්ථා වලදී එක්රැස් කරන මළ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස විවෘත පරිසරයට බැහැර කිරීම සිදු වේ. අපද්‍රව්‍ය කළමනා කරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ මළ අප ජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. 

ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 200 ක් යොදා ගනිමින් තෝරාගත් පළාත් පාලන ආයතනවල යාන්ත්‍රික මළ අප ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

මළ අප ජල පිරිපහදුව යාන්ත්‍රික වෙයි

B Amarasinghe Tuesday, 15 July 2025 03:09 PM

ඉතා හොඳ වැඩක් පළාත් පාලන ආයතනවල ගලි බව්සරයක් ගෙන්වන්න පගාව රු. 3000/-ක් ගෙවන්න ඕනේ පොඩි බව්සරයට. රු 6000/-ක් ගෙව්වොත් ලොකු බව්සරය. මේවා පළාත් පාලන ආයතනයට ලැබෙන සල්ලි නෙවෙයි. ගෙවන ගාණ අනුව තමයි බව්සරේට අද්දගන්නේ. මාර මංකොල්ලයක් තියෙන්නේ. අල්ලස් කොමිසමේ අවධානය යොමුවිය යුතු තැනක්.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site