ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි සලාක මල්ලක් බෙදා දීමට කටයුතු කරන ලදී. 2024 ජූලි 9 සහ 10 යන දිනවල සිදු කරන ලද මෙම වැඩසටහන ,මෙරට ජනතාව සමග සිටිමින් ව්යවසනයන්හී දී ප්‍රජාවන්ට සහය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නොසැලෙන කැපවීම අවධාරනය කරයි.