IMG-LOGO

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.


මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය මෙන්ම ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත් ITN හි විකාශය වුන Back Side සහ There is a body වැනි මිනි සීරීස් වලද අධ්‍යක්ෂකවරයා වූයේ ඔහුමය. මෙහි තිර රචනය සිදු කර ඇත්තේ හෙසද කෞශල්‍ය විසිනි. ප්‍රේක්ශක ආදරය බොහෝ ලෙස දිනාගත් කෙටි චිත්‍රපට කිහිපයක්ම ඔහු විසින් තිර රචනය සිදු කර ඇත. ඒවාහීද අධ්‍යක්ෂණය සිදු කරනු ලැබුවේ අධ්‍යක්ෂක ජෝ දිසානායක විසිනි. 
Hello Dada හි කතා සංකල්පය Bro Daddy චිත්‍රපටයෙන් inspire වෙලා තියෙනවා.

Hello Dada හි ප්‍රධාන චරිතයන් වෙනුවෙන් පූජනි භාග්‍යා, ගයාන් ගුණවර්ධන, රොශාන් පිලපිටිය, හිමාලි සිරිවර්ධන, පාලිත සිල්වා, මේධා ජයරත්න සහ මල්කාන්ති ජයසිංහ රංගනයෙන් දායකත්වය ලබදීල තියෙනවා.

කෙටි දවස් ප්‍රමාණයක් ඇතුලතදී කොටස් 8කින් සමන්විත මෙම මිනි සීරීස් එක රූපගත කිරීම් සිදු වුනා.
එහිදී සියලූම රංගන ශිල්පීන් විසින් පැවසූවේ ඉතාමත් සැහැල්ලු  සහ සහයෝගශීලී ලෙස ඔවුන් විසින් බොහොමත්ම සතුටෙන් මෙම සියලුම කටයුතු සදහා සහය ලබාදුන් බවයි.

පූජනී සහ ගයාන් දෙපල විවාහයෙන් පසුව එකට එක්ව රංගනයෙන් දායක වූ පලමු නිර්මාණයද මෙයයි.
ඔවුන් දෙපල ඉතාමත් හොද සහයෝගයක් ලබාදුන් අතර ඔවුන් පැවසුවේද අධ්‍යක්ශකවරයා තිර රචකයා විසින් ඔවුන්ගෙ සැබෑ ජීවිතයේ හා සබැදි ලෙස සැහැල්ලුවෙන් රංගනයෙන් දායක වීම සදහා මෙහි චරිතයන් ගොඩනගා දුන් බවයි. ඔවුන් දෙපලගේ සුරතලා වන ළොකි ද මෙම සීරීස් එකෙහි ඔබට දැකගන්න පුලුවන් වෙනවා. සුරතලාද සමගින් මොවුන් දෙපල රංගනයෙන් දායක වීම තව දුරටත් ඔවුන් හට මෙහි රංගනය සැබෑ ජීවිතයේ ලෙසින්ම නිරූපණය කරන්නට හැකි වුනි. 

Comedy Drama යන තේමාවට මෙම නිර්මාණය අයත් වෙයි. සරල කතාවක් වටා මෙහි සියලුම කොටස් ගලාගෙන යයි. එකිනෙකාට ආදරය කරන තරුණයෙක් සහ තරුණියක් විවාහ වීමට පෙර එකට ජිවත්වීම නිසා ඇතිවන සිදුවීමක් පදක කරගෙන මේ කතාව ගොඩනැගී තිබෙනවා. සෑම සිකුරාදාවකම රාත්‍රී 7.30ට Say Prime YouTube නාලිකාවෙන් නැරඹිය හැකියි. එවගේම සම්පුර්ණ කතාව ටෙලිෆිල්ම් එකක් විදියට විකාශය කිරීමේ අයිතිය Sri Max වෙබ් අඩවියට ලබාදීලා තියෙනවා. කොටස් වශයෙන් නිකුත් වෙනකන් ඉන්න කැමති නැති කෙනෙක්ට Sri Max වෙබඩවියට පිවිසිලා සම්පූර්ණ කතාවම බලන්න පුලුවන්.

නිෂ්පාදනය Say Prime ආයතනය විසින් සිදු කර ඇත.
මෙහි කැමරාකරනය සිදුකර ඇත්තේ දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙක් වන ශේන් ෆනැන්ඩු විසින්.
සංස්කරණය අනුරාද්ධ මහේශාඛ්‍ය විසිනි.
සංගීත අධ්‍යක්ශණය මියුරු සෝමරත්න & ඉෂාර ඉදුනුවන් විසින්. 

ඔයාලත් අදම Sri Max. LK වෙබ් අඩවියට පිවිසිලා සම්පුර්ණ කතාව බලන්න.

Trailer Link: https://www.facebook.com/share/r/167SP4oqXd/

Tele Film Link: https://srimax.lk/content/hello-dada-2025-sinhala



අදහස් (1)

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

keys-shop.in Thursday, 03 April 2025 01:46 PM

Keys-Shop.in වෙත සාදරයෙන් පිළිගනිමු, Windows 10 Professional, Office 2021 Professional Plus, Adobe Creative Cloud,Tradingview, Google One Premium, Chatgpt, Perplexity, dropbox, Invideo, Autocad, coreldraw, Canva, YouTube Premium, IPTV, Midjourney, Blackbox Ai, VidIQ Boost For Lifetime, Rytr, NVIDIA GeForce Now වැනි ජනප්‍රිය නිෂ්පාදන ඇතුළත් අපගේ විවිධාකාර තේරීම් හරහා බ්‍රවුස් කරන්න. ඔබට හොඳම වටිනාකම සහ මනසේ සාමය ලබා ගැනීම සහතික කිරීම සඳහා අපි තරඟකාරී මිල ගණන්, සුවිශේෂී ගනුදෙනු සහ බලපත්‍රලාභී මෘදුකාංග පිරිනමන්නෙමු. දැනුවත් තීරණ ගැනීමේදී ඔබට සහාය වීම සඳහා, අපගේ වෙබ් අඩවිය පුළුල් නිෂ්පාදන විස්තර, පාරිභෝගික සමාලෝචන සහ ශ්‍රේණිගත කිරීම් සපයයි. keys-shop.in හි අසීමිත හැකියාවන්ගෙන් යුත් ලෝකයට සාදරයෙන් පිළිගනිමු.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1466 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site