IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

 

  • ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රු. බිලියන 26.3 ක දළ වාරික ආදායම් අගයක් වාර්තා කරයි; 25% ක වර්ධනයක්.
  • 2024 දී 48% ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන 5.3 ක්.
  • හිමිකම් සහ කල්පිරීම සඳහා රුපියල් බිලියන 13.7 ක සුවිශේෂී ගෙවීමක්. මසකට රුපියල් බිලියන 1.15 ක සාමාන්‍යයක්.

අප්‍රේල්  01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී. ආයතනය රුපියල් බිලියන 26.3 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා කළ අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 25% ක ඉහල වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 5.3 ක් ලෙස වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය 48% ක වර්ධනයකි. මෙය ආයතනයේ ඉතිහාසය තුල මෙතෙක් වාර්තා කළ වැඩිම නව ව්‍යාපාර ආදායම වේ.

පාරිභෝගිකයින් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 දී රුපියල් බිලියන 13.7 ක හිමිකම් සහ කල්පිරීම් ප‍්‍රතිලාභ ගෙවීම් ලබා දුන් අතර, මෙම ප‍්‍රතිඵල සමාගමේ මූල්‍ය ශක්තිය සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීම් පෙන්නුම් කරයි. මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, SLICLL සිය වත්කම් පදනම රුපියල් බිලියන 237 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 213.2 දක්වා වර්ධනය කර ගන්නා ලදී. ආයතනික පරිවර්තනයන් සහ අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ මෙම සියලූ‍ ජයග‍‍්‍රහණ ලැබීමට ශ‍‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වීම විශේෂත්වයකි. මෙයට අමතරව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තා අලූ‍ත් කරමින් 319 ක ඉහලම MDRT (Million Dollar Round Table) ජයග‍්‍රහයකයින් සංඛ්‍යාව 2024 වසරේදී වාර්තා කිරීමට සමත් විය.

ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග සමඟ රක්ෂණ ක්ෂේත‍‍‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත‍‍‍්‍රය තුල ප‍‍‍්‍රකාශිත වැඩිම ජිවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2023 වසර සඳහා ශ‍‍‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 11.2 ක දැවැන්ත මුදලක් බෝනස් ප‍්‍රතිලාභ ලෙස ප‍‍්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප‍‍‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි මුළු වටිනාකම රු. බිලියන 104 ඉක්මවා යයි. මෙම උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 සඳහා සිය ඉහළම බෝනස් දීමනාව ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, ඒ පිළිබඳ නිල නිවේදනය නුදුරු අනාගතයේ දී නිකුත් කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූ‍ත්ගම මහතා තම අදහස් ප‍්‍රකාශ කරමින් සඳහන් කළේ, ’නොයෙකුත් අභියෝග හමුවේ වුවද ආයතනය ලබාගත් සියලූ‍ම මූල්‍ය සහ මූල්‍ය නොවන ජයග‍‍්‍රහණ වලින් පිළිඹිබු වන්නේ අපගේ කාර්යමණ්ඩලයේ කැපවීම, උත්සාහය සහ උනන්දුවයි. ආයතනික අභ්‍යන්තර වෙනස් වීම්, ආර්ථික හා සමාජීය බලපෑම් මධ්‍යයේ වූවද අපගේ විචක්ෂණ උපායමාර්ගික භාවිතයන්, නිරන්තර අවධානය සහ නොසැලෙන අධිෂ්ඨානය අපව වඩාත් ලාභදායී ආයතනයක් ලෙස ස්ථානගත කිරීමට සමත් වී ඇත. එසේම, නවෝත්පාදන, පාරිභෝගිකයන්ගේ විශ්වාසය, ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන නව රක්ෂණ සැලසුම් හඳුන්වා දීම සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ අඛණ්ඩ වර්ධනය සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කටයුතු කරයි.‘ යන්නයි.‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති නුසිත් කුමාරතුංග මහතා අවධාරණය කළේ, ‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ශක්තිය සහ ස්ථාවරත්වය තහවුරු කරමින් රටේ ආර්ථික ප‍්‍රගතිය සඳහා අඛණ්ඩ දායකත්වයක් නිරන්තරයෙන් ලබා දේ. අපගේ දීර්ඝකාලීන දැක්ම වන ‘සියලූ‍ දෙනාටම රැකවරණය‘ ලබා දීමට ආයතනයක් ලෙස අප කටයුතු කරන අතර ඒ තුලින් සමාජීය රැකවරණය කෙරෙහි රජය මත ඇති පීඩනය අවම කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වීම අපගේ අරමුණයි.' බවයි.

මූල්‍යමය සාර්ථකත්වයට අමතරව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 දී තව දුරටත් ක්ෂේත‍්‍රයේ පිළිගැනීම දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව හත්වන වරටත් LMD විසින් ‘වඩාත්ම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස නම් කරන ලද අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් LMD Brand Finance විසින් ශ‍්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත සමාගම් සියය අතරට නම් කරන ලදී. මීට අමතරව SLIC Life ‘Best Management Practices Company Awards 2024‘ හිදී ඉහළම ගෞරව දිනා ගත් අතර, ඉහලම ශ්‍රේණිගත සමාගම් දහය අතරින් ‘Insurance - Public Sector Company‘ ඛාණ්ඩයේ සම්මානය දිනා ගත්තේය.

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට සහ මෙහෙයුම් විශිෂ්ටත්වයන්ට අනුකූලව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අභ්‍යන්තර ව්‍යාපාර ක‍්‍රියාවලීන් වෙනුවෙන්, ISO 9001:2015, ISO/IEC 27001:2013 සහ ISO 14064-1:2018 යන තත්ත්ව සහතික පිරිනමන ලදී. ලෝක ළමා දිනය දා අලූ‍ත උපන් බිළිඳුන්ගේ දෙමාපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් අඛණ්ඩව තුන්වන වසරටත් පිරිනැමීම, ගංවතුරෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල පවුල් 1100 කට සහාය වීම, පොසොන් පොහොය වන්දනා සමය තුල අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ට හදිසි ආධාර සැපයීම සහ සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන හරහා 2024 වසරේදී සිසුන් 370 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ඇතුළු සමාජ සත්කාර වැඩසටහන් වලට ද SLIC Life දායක වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නවෝත්පාදනයන් මෙහෙයවීම, පාරිභෝගික විශ්වාසය වැඩි දියුණු කිරීම සහ සමාජයට අර්ථවත් දායකත්වයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරයි. ශක්තිමත් පදනමක් සහ නව දැක්මක් සහිතව, රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය සහ නායකත්වයේ භූමිකාව ඉදිරියට ගෙන යාමට SLIC Life නිරන්තරයෙන්ම කටයුතු කරයි.



අදහස් (2)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

Suranga indika Wednesday, 23 April 2025 07:45 AM

කස්ටමර්ට හම්බවෙන්න දෙයක් නැහැ, කොච්චර ප්‍රතිලාභ තිබුණත් මිනිසුන්ට ලැබෙන්නෙ නැහැ.

:       0       0

suranga Wednesday, 23 April 2025 07:47 AM

ඇඳුම් සඳහා ලබාදෙන ප්‍රතිලාභ ප්‍රමාණය හොඳටම මදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 258 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 75 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1103 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 451 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1147 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 258 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site