IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්


නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ දේශයේ පරිසරය සුරක්ෂිත කිරීමෙහිලා දියත්කොට ඇති “සියපතෙන් මිහිකතට” තිරසර සමාජ සත්කාරක වැඩසටහන ශ්‍රී පාද ස්ථානයේ සුපිරිසිදු බව රැකගැනීම වෙනුවෙන් දායක වී ඇත. පාරිසරික මෙන්ම ආගමික වශයෙන්ද ලෝක උරුමයක් වන ශ්‍රී පාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසල එක් රැස්වීමේ ගැටළුව නිරාකරණය කිරීමෙහිලා මහජන දැනුවත් කිරීම් පුවරු සවි කිරීමටත් ප්ලාස්ටික් සහ පොලිතින් ක්‍රමානුකූලව බැහැරකිරීමට කසල බැහැර කිරීමේ බඳුන් ස්ථාපිත කිරීමටත් සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතුකොට තිබේ.

අප රටට ආවේණික සත්ත්ව හා ශාඛ ප්‍රජාවන් 8% ක් මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ සහ සත්ත්වයන් රැසක් ජීවත්වන ජෛව විවිධත්වයෙන් සුවිශේෂී ශ්‍රී පාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයක්ද වන නිසා රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම් කොට ඇත. ගෞතම ශ්‍රී පාද ස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි නුවරඑළිය හිටපු දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ පූර්ණ අවසරය හා අධීක්ෂණය යටතේ වාර්ෂිකව ශ්‍රීපාද සමයේ වන්දනාවේ යන බැතිමතුන් වැඩිවශයෙන් එක් රැස්වන ස්ථාන ඉලක්ක කරගනිමින් කසල අනිසි ලෙස බැහැර කිරීමේ දුර්විපාකත් පරිසරය සුරැකීමේ අගයත් සංවේදී ආකාරයෙන් වටහා දෙමින් මෙම දැනුවත් කිරීම් පුවරු සහ කසල බැහැර කිරීමේ බඳුන් ස්ථාපිත කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී පියවර ගෙන ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ශ්‍රී පාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසල එක් රැස්වීමේ ගැටළුව නිරාකරණය කිරීමෙහිලා මහජන දැනුවත් කිරීම් පුවරු සවි කිරීම සහ ප්ලාස්ටික් - පොලිතින් ක්‍රමානුකූලව බැහැරකිරීමට කසල බඳුන් ස්ථාපිත කිරීමේ ප්‍රජා සත්කාරය පිළිබඳ අදහස් දක්වමින් “සෑම වන්දනා සමයක්ම අවසන් වෙද්දි ශ්‍රී පාද අඩවිය අවට පරිසරයේ එකතුවන ටොන් ගණනාවක කසල පිරිසිදු කිරීම බොහොම අසීරු කටයුත්තක් බව අප අසා තිබෙනවා. නැමදුමෙන් පසු ඇමදුම යන තේමාව පෙරදැරිව අප ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව ශ්‍රී පාද ස්ථානය ආශ්‍රිත පරිසරයේ කසල එක් රැස් කොට පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අවස්ථාවේදී අප එය ප්‍රායෝගිකව වටහා ගත්තා. එකතුවන කසල අමතර පරිශ්‍රමයකින් ඉවත් කරනවාට වඩා කසල නොදැමීම යහපත් බව බැතිමතුන් වටහාගත යුතුයි. සියපත ෆිනෑන්ස් අප ආරම්භ කළ ශ්‍රී පාද අඩවිය පිරිසිදු කිරීමේ වැඩසටහන හුදු පිරිසිදු කිරීමේ කටයුත්තකින් ඔබ්බට ගොස් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් විදිහට ශ්‍රී පාද අඩවිය කසල දමා විනාශ නොකරමු යන ජනමතය ගොඩනැගීමේ අරමුණෙන් අප මෙම දැනුවත් කිරීමේ පුවරු සවි කළා. ශ්‍රී පාද රක්ෂිතයට විශාල තර්ජනයක්ව පවතින ප්ලාස්ටික් සහ පොලිතින් ක්‍රමානුකූලව බැහැරකිරීමට කසල බැහැර කිරීමේ බඳුන් ස්ථාපිත කළා. පරිසර පද්ධතියකට පිවිසුනාම එහි පාසටහන් විතරක් ඉතිරි කර එන යහපත් පුරුද්දට අපි කවුරුත් හුරුවිය යුතුයි. ඉදිරියේදී ශ්‍රී පාද අඩවියත් එම සංවේදී පරිසර පද්ධතියත් මතු පරපුරට සුරක්ෂිත කරන්නට තවත් බොහෝ දේ අප විසින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

වගකීම් සහගත පුරවැසියන් ලෙස ශ්‍රී පාදය මෙන්ම ශ්‍රී ලංකාව සතු වටිනා පාරිසරික හා සංස්කෘතික උරුමයන් ඉදිරි අනාගතය වෙත තිරසාරත්වය සමග දායාද කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස,2005 වසරේ සිට වගකීම් සහගත මූල්‍ය සේවාවක නියැලී සිටින සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වනසියපත ෆිනෑන්ස් පීඑල්සී සියළු ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටියි.



 

 



අදහස් (0)

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 258 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 75 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1103 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 451 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1147 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 258 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site