IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍ය ආයතනයක් වන SLIC Life, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සමාජයට වටිනාකමක් එක් කිරීමට නිරතුරුවම කටයුතු කරයි.

2014 වසරේදී SLIC Life විසින් දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා ‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. අද වන විට, මෙම වැඩසටහන මගින් ශිෂ්‍යත්ව 2ල000 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදානය කර ඇති අතර, එහි වටිනාකම රු. මිලියන 200 ඉක්මවයි.

මෙම වසරේදී සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් 2023 වසරේ 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලට මුහුණ දුන්, ඉහළින්ම දක්ෂතා දැක්වූ සිසුන් 225 කට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ. මේ යටතේ එක් එක් විභාගයෙන් සිසුන් 75 බැගින් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලබයි.

5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවල දක්‍ෂතා මත පදනම්ව සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන සිසුන් හට පිළිවෙලින් රු. 20,000 බැගින් වසර පහකට, රු. 40,000 බැගින් වසර දෙකකට සහ රු. 50,000 බැගින් වසර තුනකට මූල්‍යමය ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ. 

අයදුම්පත් ඉදිරිපත් කිරීම SLIC Life වෙබ් අඩවිය හරහා 2025 මාර්තු මස 1 සිට 31 දක්වා විවෘත කර ඇත. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙබ් අඩවිය හරහා පමණක් අයදුම්පත් භාරගනු ලැබේ. 

වැඩි විස්තර සඳහා www.sliclife.com ඔස්සේ SLIC Life, නිල වෙබ් අඩවියට පිවිසෙන්න හෝ 1377 අමතන්න.

 



අදහස් (2)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

UNV Tuesday, 11 March 2025 04:41 PM

2024 විභාගය සමතුන්ට දෙන ශිෂ්‍යාධාරය ක්‍රියාත්මක වෙන්නේ මෙයට පසුවද?

:       0       0

පැණියා Sunday, 23 March 2025 11:44 AM

මේ වගේ පින්තූර දාන්නෙපා අයියො අපිට හිත සංවර කරගෙන ඉන්න බැරි වෙනවා අයියෝ!... පුදුම ලස්සනක්නේ තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 353 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16577 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 629 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site