
- ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 7000ක මූල්‍ය පහසුකමක්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල් මිලියන හත්දහස් තුන්සියයක උපාය මාර්ගික ණය ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මැයි අටවැනිදා අත්සන් තැබුවේය.
මෙම ගිවිසුම NSBM හරිත සරසවිය වෙනුවෙන් එහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා සමගින් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා, ලංකා බැංකුවේ මහා කළමනාකරු සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා මහතා ඉදිරියේ අත්සන් කෙරිණි.
හරිත සරසවිය ඉතා සාර්ථකව සිදුකළ අභ්‍යන්තර මෙහෙයුම් කළමනාකරණයෙන් උපයාගත් අතිරික්ත ලාභය යොදා දැනටමත් ආරම්භ කර තිබෙන දෙවැනි සංවර්ධන අදියර සපුරා ගැනීම මෙම ගිවිසුමට අත්සන් තැබීම මගින් බලාපොරොත්තු වෙයි. එමගින් විද්‍යා පීඨයේ ඉදිකිරීම් කටයුතු සපුරා නිමකොට, නවීන බහු ප්‍රයෝගී ශ්‍රවණ සංකීර්ණයද සෙසු පහසුකම්ද ජාත්‍යන්තර තලයට නංවාලනු ඇත.
මේ සංවර්ධනයේ ප්‍රතිලාභ දැනටමත් ප්‍රධාන පීඨ පහක් යටතේ හරිත සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටින 13,000ක සිසු පිරිස වෙනුවෙන් ලැබෙනු ඇත.
ශක්තිමත් මූල්‍ය පාලනය සහ දිගුකාලීන දැක්මක විශිෂ්ට භාවය පෙන්වා දුන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වීරසිංහ මහතා සඳහන් සඳහන් කරමින් කියා සිටියේ :
‘‘අපේ NSBM හරිත සරසවිය ලංකා බැංකුව සමග පළමුවැනි අදියරය සඳහා වන රුපියල් බිලියන 8.6ක ණය ගිවිසුම එකඟ වූ පරිදිම නැවත ගෙවන්න අපි කටයුතු කළා. කොරෝනා අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු ඉතා සංකීර්ණ ආර්ථික තත්ත්ව වලට ලංකාව මුහුණ දුන්නත් කිසිදු ණය පැහැර හැරීමක් අපෙන් සිදුවුණේ නෑ. සංවර්ධන කටයුතු විධිමත් මූල්‍ය පාලනයක් සහිතව කරගෙන යන අපේ විශ්වවිද්‍යාලය ගැන ලංකා බැංකුව තැබූ විශ්වාසයට සහ නිරන්තරයෙන් ලබාදෙන මූල්‍ය සහයෝගය වෙනුවෙන් මම ස්තුති කිරීමට කැමතියි.’’
ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් පැවසුවේ:
"NSBM හරිත සරසවියේ සංවර්ධනය වෙනුවෙන් සහාය දැක්වීමට ලැබීමත් අපට මහත් ආඩම්බරයක්. ලංකා බැංකුව ජාතියේ මහා බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනමය ව්‍යාපෘති සඳහා මූල්‍ය උපකාරය සැපයීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ උන්නතිය සඳහා අප කැපවී සිටිනවා.’’
2016 දී පිහිටුවන ලද NSBM හරිත සරසවිය දැනට 20,000 කට අධික උපාධිධාරීන් නිර්මාණය කර ඇත. NSBM ජාතික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ පුර්ණ අධීක්ෂණය සහිතව දේශීය උපාධි පාඨමාලා සහ එක්සත් රාජධානියේ, ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත උපාධි පාඨමාලා ශ්‍රී ලංකවෙදීම පිරිනමන ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයකි.
මෙම ණය ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ලංකා බැංකුව නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ අංශය) සම්පත් පෙරේරා මහතා, සහකාර මහා කළමනාකරු (රාජ්‍ය ව්‍යවසාය සබඳතා අංශය), උත්පලා හේරත්රන්දෙණි මහත්මිය සහ කණ්ඩායම සහභාගී විය.
NSBM හරිත සරසවිය වෙනුවෙන් අධ්‍යයන සංවර්ධන සහ තත්ත්ව ප්‍රමිතකරණ ප්‍රධානි මහාචාර්ය භාරත දොඩන්කොටුව මහතා, ව්‍යාපාර පීඨයේ පීඨාධිපති තිලිණි ද සිල්වා මහත්මිය, මූල්‍ය ප්‍රධානි කෛලාශිනී තිරාණගම මහත්මිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු-උපායමාර්ගික සංවර්ධන සනුජි රණවක මහත්මිය, අනෙකුත් පීඨාධිපතිවරු සහ විශ්වවිද්‍යාල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උදාහරණය ඇති අනිත් සරසවි වල පිනට ඉගෙන ගන්න. පාරේ උද්ඝෝෂණ කරන ගෝන්නුන් ට. හරි නම් අනික් සරසවි වල 25% මුදල් ගෙවලා එන සිසුන්ට අවස්ථාව දෙන්න ඕනේ
2025 වසර සඳහා ඇතුළත් කරන ළමුන්ට දෙන Bank loan පිළිබඳව විස්තර කාරැණිකව ලබා දිිය හැකිද.?
අසමසම මිල ගණන් යටතේ හොඳම ඩිජිටල් මෙවලම් සොයනවාද? ChatGPT Plus ලාභදායී ලෙස මිලදී ගැනීමට, Perplexity ජීවිත කාලය තුළ සුවිශේෂී ගනුදෙනු ලබා ගැනීමට සහ ElevenLabs AI හඬ මෙවලම් වැනි ඉහළම AI මෙවලම් වෙත ප්‍රවේශ වීමට Keys-shop.in ඔබේ විශ්වාසදායක මූලාශ්‍රයයි. නවතම Adobe Master Collection 2024 සමඟ ඔබේ ඵලදායිතාව ඉහළ නංවන්න, Google Drive අසීමිත ගබඩා ජීවිත කාලය භුක්ති විඳින්න, සහ අපගේ IPTV දායකත්ව දීමනා සමඟ නිමක් නැතිව ප්‍රවාහ කරන්න. ඊට අමතරව, Busuu ජීවිත කාලය තුළ ගනුදෙනුව සමඟ භාෂා ඉගෙනීමට ප්‍රවේශය ලබා ගන්න. ඔබ ChatGPT Plus මිලදී ගැනීමට, AI ගවේෂණය කිරීමට හෝ හොඳම මෘදුකාංග ගනුදෙනු ලබා ගැනීමට මෙහි සිටියත්, Keys-shop.in ඔබට හොඳම මිල ගණන් යටතේ ඉහළම තත්ත්වයේ මෙවලම් ආවරණය කර ඇත.
මේ ඔක්කොම බොරු මහාචාර්යවරු, මහජන මුදල් සහ ඉඩම් කොල්ල කෑ ව්‍යාජ විශ්වවිද්‍යාල. හැකි ඉක්මනින් එය ජනසතු කරන්න.