IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

  • දිවයින පුරා පාසල් 100 ක් 

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම  ජීවිත රක්ෂකයා ලෙස  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි  මස 24 වනදා දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි. ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගොස් රටේ අනාගතය බාර ගන්න සිටින දුවා දරුවන් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කැපවී සිටි.

2007 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුලින් මේ වන විට පාසල් 3,365ක් ප‍්‍රතිලාභ හිමි කරගෙන ඇත. එකම දිනයක් තුල දිවයින පුරා මෙම වැඩසටහන ක‍්‍රියත්මක කරන ලද අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කලාප, ප‍්‍රාදේශීය, ශාඛා කළමණාකරනය ඇතුලූ විකුණුම් බලකායද මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දෙන ලදී.  මෙම විශේෂ වැඩසටහනට  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමුහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූත්ගම මහතා ඇතුලූ ආයතනික  කළමණාකාරීත්වය ද දිවයිනේ සිදුවූ විවධ වැඩසටහන් වලට සහභාගී විය.

‘පාසල්  පිරියත සුරකිමු‘ ව්‍යපෘතිය යටතේ  නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලද අතර ඉන් ප‍්‍රධාන තැනක් ගනු ලැබුවේ, පන්ති කාමර ප‍්‍රතිසංස්කරණය කිරීම, පිරිසිදු පානීය ජලය සැපයීම, පින්තාරු කිරීම සහ අලූත්වැඩියා කටයුතු, මේස සහ පුටු ප‍්‍රතිසංස්කරණය කිරීම සහ සිසුන්ට සහ පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමයි. මේ තුලින් ශ‍්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල් වල ප‍්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම අරමුණු කරගෙන තිබේ.

මෙම වැඩසටහන ක‍්‍රියත්මක කිරීමට, දුෂ්කර පාසල් හඳුනාගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශේණිගත කිරීම්  මත පදනම්ව සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප‍්‍රාදේශීය/ශාඛා කළමනාකරණය සම්බන්ධවී වඩාත් සුදුසු පාසල් මෙම කර්තව්‍ය වෙනුවෙන් තෝරා ගන්න  ලදී.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සමාජ සත්කාර ක‍්‍රියාකාරකම් දැයේ දරුවන්ගේ  අධ්‍යාපනය තුලින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. මේ යටතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක‍්‍රියාත්මක කර ඇති අතර ‘සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ප‍්‍රධාන තැනක් ගනී. මෙහිදී 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලදී  විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන්ට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන අතර මේ දක්වා රු. මිලියන 200 කට අධික වටිනාමකින් යුත් ශිෂ්‍යත්ව 1800ක් ඉක්මවා ප‍්‍රදානය කර ඇත. එසේම, ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලූත උපන් බිළිඳුන්ගේ දෙමාපියන්ට නොමිලේ පිරිනමන ලදී.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, තම සමාජ වගකීම අවබෝධ කරගනිමින් රටේ සියලූ පුරවැසියන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහල නැංවීමට සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරයි.



අදහස් (0)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site