IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති අතර, එම සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලෝක මට්ටමේ සහ ජාත්‍යන්තරව සනාථ කරන ලද ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් , වෙබ් අඩවි පාදක කරගත් මෘධුකාංග විසඳුම් සහ ජංගම දුරකථන යෙදුම් (mobile apps) සංවර්ධනය කිරීම සමාගමේ මුලික අරමුණවේ.

ගෝලීය වෙළෙඳපොළ සදහා නව්‍ය ඩිජිටල් විසඳුම් ලබා දීමේ දශකයක පුළුල් අත්දැකීම් Victrix Tech සමාගම සතුව ඇත. 2020 සහ 2023 අතර කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය දක්වා සාර්ථක මෙහෙයුම් ව්‍යාප්තියකින් පසුව, Victrix Tech සමාගම ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් දේශීය මිල ගණන් යටතේ ලෝක මට්ටමේ එම ඩිජිටල් තාක්ෂණික වැඩසටහන් ශ්‍රී ලාංකික ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි ය.

Victrix Tech සමාගම කැපී පෙනෙන තරඟකාරී හැකියාව මගින් මෙම ඩිජිටල් අලෙවිකරණ සේවාවන්, පුළුල් වෙබ් අඩවි පාදක කරගත් මෘධුකාංග විසඳුම් සහ ජංගම දුරකථන යෙදුම් සමඟ ඒකාබද්ධ ඩිජිටල් පරිසර පද්ධතියක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සදහා නිර්මාණය කිරීමට හැකි වීමයි

"අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඩිජිටල් යුගයේ දියුණුව සදහා ඩිජිටල් පරිවර්තනයේ ගෝලීය ප්‍රමුඛයා වීමයි. ඩිජිටල් ව්‍යාපාරික අභියෝග, බුද්ධිමත්, තාක්‍ෂණය මත පදනම් වූ අවස්ථා බවට පරිවර්තනය කිරීමෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට ඩිජිටල් යුගයේ දියුණුව සඳහා තාක්ෂණයේ පූර්ණ විභවය උපයෝගී කර ගැනීමට උපකාර කිරීමට අපි කැපවී සිටින්නෙමු," වික්ට්‍රික්ස් ටෙක් (පුද්) සමාගමේ සම-නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී, සුමියුරු පී. අල්විස් මහතා පැවසීය.

Victrix Tech දේශීය ව්‍යාපාරවලට ගැලපෙන සම්පූර්ණ ඩිජිටල් අලෙවිකරණ සේවා පැකේජයක් පිරිනමයි. සියලුම සමාජ මාධ්‍ය අලෙවිකරණ සේවා කටයුතු සදහා උපායමාර්ගික සැලසුම්කරණය, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරණය (content), සමාජ මාධ්‍ය ප්‍රචාරණ කළමනාකරණය සහ මෙහෙයුම් විශ්ලේෂණ මේ පැකේජය තුළ අතුලත් වේ.

අන්තර්ගත කළමනාකරණ සේවාව සදහා ඉලක්කගත අන්තර්ජාල ප්‍රේක්ෂකයින් සදහා මෙහෙයුම් පද්ධති ප්‍රශස්තකරණය සහ අන්තර්ගතයන් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (Search Engine Optimization) හරහා, සමාගම අන්තර්ජාලයෙහි දත්ත වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ග සපයන අතර, මෙම ඉලක්කගත ඩිජිටල් අලෙවිකරණ ප්‍රවේශයන් මගින් ව්‍යාපාරවල ආදායම දෙගුණ කරයි.

සමාගමේ විද්‍යුත් තැපැල් අලෙවිකරණ සේවාවන්, AI-බලගැන්වූ ශිල්පීය ක්‍රම සමඟ වැඩිදියුණු කරන ලද ව්‍යාපාර අවස්ථා ලබා දෙන අතර එමඟින් ව්‍යාපාරික ආයතනයේ ලාභය ද වැඩි දියුණු කරයි. තවද, සමාගමේ වෙබ් අඩවි විශ්ලේෂණ පද්ධතීන් නවීන දත්ත මත පදනම් වූ අලෙවිකරණ අවස්ථා උදා කරදෙනු ලබා දෙයි

වේගවත්, වඩා ආරක්ෂිත සහ පුළුල් ඩිජිටල් අත්දැකීම් වලින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබා දීම සහතික කරමින්, වෙබ් යෙදුම් (PWAs), JAMstack තාක්ෂණය, Headless CMS විසඳුම් සහ උසස් Cloud Computing පහසුකම් උපයෝගී කර ගනිමින් ඩිජිටල් නවෝත්පාදනයන්හි සමාගම ඉදිරියෙන්ම සිටී.

Victrix Tech ආයතනය WordPress, Magento, ASP.NET, Laravel, React JS, Vue JS, Express JS, Django, Flask, Hugo, Jekyll, Node JS, Bootstrap, Tailwind CSS, සහ Next JS ඇතුළු අති නවීන තාක්ෂණයන් සහ තාක්ෂණික මෙවලම් භාවිතා කරයි. තවද, සමාගම HTML5, CSS3, JavaScript, PHP, React, Node.js වැනි මෘදුකාංග භාෂා සහ AWS වැනි විවිධ cloud මෙවලම් පිළිබඳ ප්‍රවීණ වේ. ජාත්‍යන්තර වෙළඳපොලෙහි සමාගම ලත් අත්දැකීම්, දෙශීය ව්‍යාපාරිකයින්ට නව්‍ය සහ ප්‍රමිතීන්ට අනුකුල ඩිජිටල් තාක්ෂණික විසඳුම් ලබා දීම සහතික කරමින් ගෝලීය හොඳම භාවිතයන් සහ නවතම ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයකින් සැදුම්ලත් කණ්ඩායමක් මේ සදහා යොදවා ඇත. ලොව පුරා ව්‍යාපාර විසින් භාවිතා කරන දියුණු ඩිජිටල් උපාය මාර්ග වලින් ශ්‍රී ලාංකික සේවාදායකයින්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, Victrix Tech සමාගම සෑම ව්‍යාපෘතියක් සඳහාම විශේෂිත ප්‍රමෙයන් භාවිතා කරයි.

සමාගමේ විශාලතම වත්කම වන විශේෂඥතාවයන්ගෙන් යුත් දක්ෂ වෘත්තිකයන් කණ්ඩායම, පළපුරුදු අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධාන විධායක කණ්ඩායමකින් මෙහෙයවනු ලබන අතර සහ මෙම විශේෂඥයින්ගේ ජාලය Victrix Tech දේශීය වෙළඳපල සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරයි.

සමගම , සෑම ව්‍යාපෘතියක් සදහාම නිර්මාණශීලී ලෙස , නිරවද්‍යතාවය සහ විශිෂ්ටත්වය සඳහා කැපවීමකින් යුතුව ප්‍රවේශ වේ. Victrix Tech කණ්ඩායම ලොව පුරා ව්‍යාපාර විසින් භාවිතා කරන දියුණු ඩිජිටල් උපාය මාර්ග වලින් කුඩා සහ මාධ්‍ය පරිමාන ශ්‍රී ලාංකික ව්‍ය්වසායයන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, Victrix Tech සමාගම සෑම ව්‍යාපෘතියක් සඳහාම විශේෂිත ප්‍රමෙයන් භාවිතා කරයි.

 

වික්ට්‍රික්ස් ටෙක්

වික්ට්‍රික්ස් ටෙක් (පුද්) සමාගම යනු වෙබ් අඩවි සංවර්ධනය, ජංගම යෙදුම් නිර්මාණකරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ විශේෂඥතාවක් ඇති පූර්ණ ඩිජිටල් සේවා විසඳුම් සපයන්නෙකි. වෙබ් අඩවි නිර්මාණකරණය, ජංගම යෙදුම් නිර්මාණකරණය සහ විශේෂිත ඩිජිටල් උපාය මාර්ග සැලසුම්කරණය පිලිබඳ සමාගම ශ්‍රී ලාංකීය කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යපරියන්ට අත්දැකීම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරයි.

වැඩි විස්තර සඳහා, අමතන්න +94 117 930 101 , විද්‍යුත් තැපෑල: [email protected] හෝ www.victrix.tech වෙබ් අඩවියට පිවිසෙන්න



අදහස් (0)

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site