IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.

නව කිලෝග්රෑම් 12 ධාරිතාවය සහිත විශාල සේදුම් ප්‍රමාණයන් සඳහා සුදුසු වන,පාරිභෝගිකයන්ට දිනපතාම රෙදි සේදුම් කාර්යය පහසුකරමින්, කාලය ඉතිරි කිරීමට සහ සෝදන රෙදි කිසිදු හානියකින් නොමැතිව උසස් සේදුම් තත්වයකින් ලබාගත හැකි මෙම සෝදන යන්ත්‍ර EcoBubble සහ Super speed වැනි උසස් තාක්ෂණයන්ගෙන් සමන්විත නිසාරෙදි සේදුම් කාර්යය තවත් පහසු කර ගැනීමේ අරමුණින් නිපදවා ඇත.

 

Samsung ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංoග සන්නාමය ලෙස, තම නවතම  කිලෝග්රෑම් 12, ඉදිරිපසින් විවෘත කළ හැකි සේදුම් යන්ත්‍ර පෙළ වෙළඳ පොළට නිකුත් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එය Bespoke Ai Laundry Series හි දියුණු සංස්කරණයක් ලෙස සැලකිය හැකි අතර, මින් පෙර හදුන්වා දුන් 10.5kg මාදිලි මගින් උසස් සහ බුද්ධිමත් සෝදන විසදුම් නව මට්ටමකට ගෙන ගිය අතර, මෙම නව 12kg පරාසය තවත් ප්‍රබල ක්‍රියාවලියක් සහිතව, උසස් විශේෂාංoග සහිතව හඳුන්වාදීමට Samsung ආයතනය කටයුතු කර ඇත.

නව ඉදිරිපස විවෘත කළ හැකි සෝදන යන්ත්‍ර කිලෝ ග්රෑම් 12 වැනි විශාල සේදුම් බරක් පහසුවෙන් කළමණාකරණය කළ හැකි පරිදි නිර්මාණය කර ඇති අතර, දෛනික සේදුම් කාර්යය සඳහා ප්‍රයෝජනවත් සහ කාර්යක්ෂම විසඳුම් ලබාදේ. ඇඳුම්, ඇඳ ඇතිරිලි, තුවා වැනි දෛනික අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු වේ.

මෙම යන්ත්‍ර වල ඇති උසස් විශේෂාංoග අතර

1.Super speed-වේගවත් සේදුම් හැකියාව

2.AI Energy Mode-විදුලි බලය 70% දක්වා ඉතිරි කිරීම.

3. Eco Bubble-ඇඳුම් වලට හානියක් නොමැතිව කාර්යක්ෂම සේදුම් ක්‍රියාවලිය.

4. Hygiene Steam-ගැඹුරු සහ පැරණි දූවිලි සහ බැක්ටීරියා ඉවත් කිරීම.

WD12D මොඩලය සමඟ සෝදන යන්ත්‍රයට ඩ්‍රයර් පහසුකමද ඇතුළත් වේ.

"අපගේ 12KG බෙස්පෝක් AI රෙදි සෝදන යන්ත්‍ර සුමට හා සංයුක්ත මෝ ස්තරයක් සහිත ඒවා සුවිශේෂී කාර්ය සාධනයක් ලබාදෙන අතරම ඕනෑම අවකාශයකට පහසුවෙන් ගැළපෙන බව සහතික කරයි. කාර්යක්‍ෂමතාව වැඩි කරන අතරම නවෝත්පාදනය මගින් දෛනික කටයුතු සරල කළ හැකි ආකාරය පිළිබඳ සත්‍ය සාක්ෂියක් වන මෙම රෙදි සෝදන යන්ත්‍ර මගින් කාලය සහ ශක්තිය ඉතිරි කර ගැනීමට පාරිභෝගිකයන් සවිබල ගන්වන Super Speed ​​වැනි AI මගින් මෙහෙයවන බුද්ධිමය විශේෂාංoග ලබාදේ. ශෛලියෙන් හා ක්‍රියාකාරීත්වයෙන් අනූන මෙම යන්ත්‍ර,විශාල බර සඳහා ඉඩකඩ උපරිම කරමින්, ප්‍රායෝගිකත්වය සහ අතිවිශිෂ්ට මෝස්තරයේ සුසංයෝගයක් සපයයි.," Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසීය.

බාහිර ස්වරූපය සහ ලබාගත හැකි ස්ථාන.

Samsung කිලෝග්රෑම් 12 AI රෙදි සේදුම් යන්ත්‍ර කලාතුරකින් දක්නට ලැබෙන නවීන සහ සිත්ගන්නාසුලු මුහුණතක් ලබාදෙන පරිදි නිර්මාණය කර ඇත. Black සහ Aron වර්ණයන්ගෙන් සමන්විත මෙම යන්ත්‍ර, නිවසේ අවම ඉඩ ප්‍රමාණයක් ගනිමින්, උපරිම කාර්යක්ෂමතාව‍යක් ලබා දෙන පරිදි නිර්මාණය කර ඇත.

මෙම නව කිලෝග්රෑම් 12 ඉදිරිපසින් විවෘත කළ හැකි AI සේදුම් යන්ත්‍ර, රු.199,999 සිට සිංහගිරි, සිංගර්, දම්රෝ සහ Softlogic අලෙවිසැල් වලින් ලබාගත හැක.



අදහස් (0)

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1777 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1458 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site