NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන "NSBM Open Day" සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
"හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනයට සහභාගී වන පිරිසට ලෝකයේ අති නවීන විශ්වවිද්‍යාල අධ්‍යනය කොට ඒවායේ තාක්ෂනය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ දැවැන්ත සහ අසමසම NSBM හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ.
විශේෂයෙන්ම මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට මෙම දිනයන්ගේ NSBM හරිත සරසවියේ කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ අනාගත අරමුණු වලට ගැලපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව ද හිමි වේ.
එසේම මෙම ප්‍රදර්ශනයේ විශේෂාංග ලෙස සරසවියේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන, ශිෂ්‍යන්ගේ ව්‍යාපෘති සහ නිර්මාණ මෙන්ම විවිධ අධ්‍යයනාංශ මඟින් පවත්වන ප්‍රදර්ශන කුටි ද දැකිය හැක. එමෙන්ම NSBM හරිත සරසවියේ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන රසවින්දනාත්මක අංග ද මෙම දිනයන් පුරාවට පැවැත්වීමට නියමිතයි.
වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) යන දුරකථන අංක හරහා ලබා ගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී